Tharu Diyakaran Song Lyrics - තරු දියකරන් ගීතයේ පද පෙළ

Tharu Diyakaran Song Lyrics - තරු දියකරන් ගීතයේ පද පෙළ
Song Title : Tharu Diyakaran (තරු දියකරන්)
Artist : Anjitha Kuruppu
Lyrics : Anjitha Kuruppu
Melody Composed by : Anjitha Kuruppu
Produced by : Anjitha Kuruppu
Additional Synth arrangements , Mix & Mastered by : Hasindu Wijerathne
Keys : Ashmitha Gamage
Album Artwork & Music Video by : Vihan Perera


නුඹ ගියේ මගෙ හිත මුදු දා
ලවනතේ දම් මල් තවරා
කවි තෙමා හිත කළු කළා
අනේකවාරයේ

පිණිබිඳිති ඉවසුවා නම් මාගේ
නොහෙලන්නට තිබුණා
මේකුළු ගැටුනා දෙන්
වැහි මත වැහි වැටුනාදෙන්
නිදි නැතුවා
නිදි නැතුවා දෝ
තරු අඳුරක මං
සඳ එළි තියන්නම්
කල් ගෙවූ නිම්න වේ නම්
නුඹ ගෙනා එළි දකින්නම්

තරු දියකරන්
වැටෙනව එළි පොළොවට ඇතිතරම්
නුඹ ගෙනගිය මගෙ හිත ආයෙත් අරන්
සඳ පාරමු අහසම ගිනි අරන්

නුහුරුම රතු හැන්දෑ ඉකිබින්දා
අවකාසෙට කවි හලන්
හිත බිඳිලා තව හැඩිවුනොත් යමි
එතෙරක ගෙතු කවි අරන්

මේ දුක කියන්නෙ
මගෙ ළඟින් ඉඳන් දුක අහන්න
සඳ අහසක අඩි තබන්න
ළඟින් රැඳෙන්න

සරදාකාස දවා හිත හානි කළා
මගෙ ආදරෙ බාධා කළා
අද මා ගිලෙනවා මෙහෙම කවි දියේ
මගෙ හිත රිදිලා
නුඹ අවුදින් මා යනෙනා මග
තරූ රටා තියා
හැමදා කළු සළු වහන්
අවරට මිමිණූ වදන්
මහ මුහුදට රතු සුසුම්

නුහුරුම රතු හැන්දෑ ඉකිබින්දා
අවකාසෙට කවි හලන්
හිත බිඳිලා තව හැඩිවුනොත් යමි
එතෙරක ගෙතු කවි අරන්

තෙර නොපෙනුනාදරේ
කළුකුහර ආදරේ
තෙර නොපෙනුනාදරේ
කළුකුහර ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Diyakaran Song Lyrics - තරු දියකරන් ගීතයේ පද පෙළ Tharu Diyakaran Song Lyrics - තරු දියකරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2025 Rating: 5

0 comments:

Post a Comment