Song Title : Sinhala Rap Medley (සිංහල රැප් මෙලඩි)
WePlus Performing Sinhala Rap Medley ft. @DrBSKingLK
Event : Arigato
Event Management : Ceylon Coffee | MI Events
Song : Rap Medley
Original Artists : Big Doggy, Costa, Shan Putha, Drill Team, Dr.BSKing
Music Rearrangement : WePlus
Periyamulla (පෙරියමුල්ල)
Deviyange Bare (දෙවියන්ගෙ බාරේ)
Wel Panta (වෙල් පැන්ටා)
පෙරියමුල්ල
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැමිමෙ ඔට්ටු
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
මචං පෙරියාමුල්ල හන්දියෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
රැපට බනින උන්ව පෝලිමට දක්කන්න
මරැ වැල් බැදලා මාන කරලා තුවක්කුව
එලියට ආවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව
මේ රැප තමයි උඩ නගින තරප්පුව
අව්වෙ කට්ට කෑවා ගෙවෙනකම්ම සෙරෙප්පුව
උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා
පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලුවො ගල් වෙලා
ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හඳත් අල්ලලා
කල් ඉකුත් නෑ තාම සැර බාල
Auto pilot mode එකෙ දන්න නිසා පාර
Overdose Hip Hop බලපං නහර
ගහපු ගේම අනුව තමා මෙකේ ප්‍රතිචාර
පෙරියමුල්ල
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැමිමෙ ඔට්ටු
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
දෙවියන්ගේ බාරේ
මතකයි අද වැනි දවසක
සැමරුවා උපන්දින සාදය අප
මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
බින්දා පොරොන්දු මම අඩිකෝදුව
මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
ණයටත් ණයයි අවුරුදු හයයි
කූරු ගණිනවා හිර ගේ හිත බයයි
මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
අත හැරියා රස්සාව
සූදු කෙළින්නට මගේ ආසාව
සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
ලියමි මගේ වරද බිත්ති අතර පතර
කඳුළු බිඳු මකා දමන්න හමන්න
සුවඳ සුළඟ ජීවිතේ
පැමිණ මා වැළඳගන්න
මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
සමාජය නගනයක් ඇහැක් ඇරියම
පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
දේ බාර කරපන් දෙවියන්ගේ බාරෙට
දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්
ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්
විය යුතු මොහොතකින් ගැලවෙයිදෝ
දෙවියන්ගේ භාරයෙන්
වෙල් පැන්ටා
මගෙ නම පාල
විශාරද ගහලම සවු කොල රෝල
රට ඉඳි සීනි තමයි දැන් ඕන
මගෙ බඩු සෙට්වෙන්නෙ එක්ක සම්බෝල
වෙල ලඟ තමයි Set වෙන්නෙ කට්ටිය
ලුණු මඤ්ඤොක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නෙ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නෙ පිරෙන්න හට්ටිය
දවසක් රෑ
ටික ටික පෙරාගෙන එද්දි ඇවලුනා
සෝමෙගෙ කෙහෙල් යායම
බොරු කියන්න ඕන නෑනෙ මහත්තයො
මම ආසම කාලෙට පායන
ඇඩ්ඩිං බණ්ඩා පහල කඩේ සුනිල් තමයි මට
සැරටම වෙන්නෙ දැං දායක
වසන්ත මල්ලිගෙ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නව සුපිරිම ගායක
ලාවට ගහල ආවෙ මම අඩියක්
අවුරුද්දට පෙරනව මම වඩියක්
ගනිං ගෑණියෙ කන්න හදපු රොටියක්
පහල කඩෙන් අරන් වරෙන් මට බීඩියක්
රාලහාමිල නම් අදාල නෑ
OIC ට තමයි බය
අපි එළියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකං වෙලාව 06.00PM
කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනව ඕවට කය
අත්පිට මුදලට විතරයි මගෙ ගණුදෙනු
වෙන්නෙපා මටනම් ණය
දානෙට මලගෙට මගුලට සෙට් වෙන
පට්ටම එළකිරි පදමක්
Shot එක ගානට දෙන්නෙ මං
වැඩිපුර ගත්තොත් වැටෙනව මෙතනම වරුවක්
ඕන්නං cocktail
Soft Drink
Cake හදන්නත් නියමයි එක්කලා සරුවත්
මගෙ පදමට ඉන්නෙ බඹරුත් සමවැදිලා
පාවලා දෙන්නෑ උන් මැරුවත්
කවුද කවුද අර එනව පේනවා
ගැන්සිය වෙන්නනම් බෑ
කට්ටිය දන්නවා 10න් පස්සෙනම්
මං බඩු විකුනන්නෙ නෑ
අප්පටසිරි පිපුනා ඇඟෙ හිරිදැං බැස්සා මගෙ වෙරි ආවෙ පොලීසියෙන්
අදනම් ඉවරයි
දිව්වොත් මාට්ටු
කෑවා ටොපියක් මං හදීසියේ.
අනෙ අනෙ මේන්න වැන්දා එපා
මාව ගෙනින්න ඉවරයි
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න
සාජන්
දැගලුවොත් ගහපිය
මූන පොඩිවෙන්න
අනෙ අනෙ මේන්න වැන්දා එපා
මාව ගෙනින්න ඉවරයි
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න
සාජන්
දැගලුවොත් ගහපිය
මූන පොඩිවෙන්න
0 comments:
Post a Comment