Malsara Song Lyrics - මල්සරා ගීතයේ පද පෙළ

Malsara Song Lyrics - මල්සරා ගීතයේ පද පෙළ
Song Title : Malsara (මල්සරා)
Artist : Chamara Ranawaka
Lyrics & Melody : Chamara Ranawaka
Music & Mix Masterd : @Denuwankaushaka‬


මල් පිපිලා මද සුලගේ
වැනෙනවා හැටි දැක්කා
මල් පිපුන හැටි දැක්කේ නෑ

සමනලයෝ සමනැලියෝ
පියබනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කේ නෑ

මල්සරා විදිනවා
හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දේ නෑ

කොයි තරම් මං උබට
ආදරේ කීවාට
උබ ඒක තව දන්නේ නෑ

හම්බත් කලා මං විසික් කලා
බැරි කම හොදින් දන්නවා
සල්ලී අයිස් කැට
කෙල්ලෝ සබන් පෙණම
දැන දැනම මං හිතනවා

ජීවිතයෙ ටික කාලේ
ගොඩ යන්න මට ඕනේ
ගේමක් මමත් ගහනවා
දැන ගන්න උබ ඕනේ
ඇයී මෙහෙම මට වෙන්නේ
උබ තාම රගපානවා

දැන ගෙනයී මම හිටියේ
අඩූවෙන්… වියදම් කෙරුවේ
ඒ හින්දා දුක නෑ හිතේ
මළ ගිය කෙනෙක් එහෙම
බලනවා ඇති මාව
මම නැනේ වශියක් කලේ

බිව්වාට හැමදාම
කෙල්ලන්ගේ රචනාව
මම නෑනේ පාඩම් කලේ
ඇත්තටම උබ කව්ද
අම්මත් මගේ මාව
තනිකරලා නුවරට ගියේ

මල් පිපිලා මද සුලගේ
වැනෙනවා හැටි දැක්කා
මල් පිපුන හැටි දැක්කේ නෑ

සමනලයෝ සමනැලියෝ
පියබනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කේ නෑ

මල්සරා විදිනවා
හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දේ නෑ

කොයි තරම් මං උබට
ආදරේ කීවාට
උබ ඒක තව දන්නේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malsara Song Lyrics - මල්සරා ගීතයේ පද පෙළ Malsara Song Lyrics - මල්සරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2024 Rating: 5

0 comments:

Post a Comment