Mage Apsaravee Song Lyrics - මගේ අප්සරාවී ගීතයේ පද පෙළ

Mage Apsaravee Song Lyrics - මගේ අප්සරාවී ගීතයේ පද පෙළ
Song Title : Mage Apsaravee (මගේ අප්සරාවී)
Artiste : Lihini Minoda Ft. Suneera Sumanga
Lyrics : Sunil R Gamage
Melody & Music : Dr. Rohana Weerasinghe
Audio Mixed & Mastered : Sandaru Gamage @ Sage Studioz


කවුරුද කියන්න නිරිඳේ
ලලනා රූ මැද බෙයදේ
එදවස - නුඹේ අප්සරාවී

මහනෙල් මල් අත රඳනා
බුදු පුද වෙත යන අඟනා
නුඹමය - මගේ අප්සරාවී
නුඹමය - මගේ අප්සරාවී

රන්වන් ලියන් සිනා මැද
ප්‍රේමෙන් මුළා නොවුණු සඳ
සීගිරි ගිරි සිරසට - සඳ පායයි
දෙනුවන් සඳුන් අඳුන් වැද
දේදුනු නළලත වැතිරෙන
තිලකයෙ සුවඳ සිහිල - මට පමණයි

නිල්වන් ළඳක සිතක රැඳි
ආදර සෙනෙහස අපමණ
දෙව්පුර දෙව් අඟනක - දුටු සිහිනේ
දිවුරා පිළිණ තිළිණ දෙමි
ළඳකගෙ රහස් රකින්නෙමි
රන්මසු උයනට යමු - හඳපානේ

කවුරුද කියන්න නිරිඳේ
ලලනා රූ මැද බෙයදේ
එදවස - නුඹේ අප්සරාවී

මහනෙල් මල් අත රඳනා
බුදු පුද වෙත යන අඟනා
නුඹමය - මගේ අප්සරාවී
නුඹමය - මගේ අප්සරාවී


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Apsaravee Song Lyrics - මගේ අප්සරාවී ගීතයේ පද පෙළ Mage Apsaravee Song Lyrics - මගේ අප්සරාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 15, 2024 Rating: 5

0 comments:

Post a Comment