Ma Deparak Song Lyrics - මා දෙපාරක් ගීතයේ පද පෙළ

Ma Deparak Song Lyrics - මා දෙපාරක් ගීතයේ පද පෙළ
Song Title : Ma Deparak (මා දෙපාරක්)
Artiste, Lyrics, Melody : Lakshitha Mihiran
Music, Mix & Master : DILU Beats (‪@DILUBeats‬)
Live Guitars : Prakash Ranasinghe
Guitars Recorded @LAV by Lahiru De Costa


කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න
තව නිවෙන්න නම් වෙනවා මට තනි වෙන්න
නුඹ නොසිටි දිනවල
මට දැනුනා සීතල
නොවෙනස්ව ඉන්නවද අහස
මට අවැසි උණුහුම

නුඹ නොමැති දා අසලින් දැවටී
හමන සුළඟත් මට සැනසුමක් නොදේ
හිත නුහුළනා මතකෙක පැටලී
ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ
තාම නොමැකී මනසේ ඇඳී තියේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ

අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය
ගෙවී ගියේ මගෙ දිවියේ හොඳ හරිය
නුඹ නුඹම වූ තැන
එයයි මට වැරදුණු තැන
අපි කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන

නුඹ නොමැති දා අසලින් දැවටී
හමන සුළඟත් මට සැනසුමක් නොදේ
හිත නුහුළනා මතකෙක පැටලී
ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ
තාම නොමැකී මනසේ ඇඳී තියේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ

මා හැරුණු කොට වෙනකෙකු සමඟින්
නුඹ සුවසේ නිදයි ද රාත්‍රියේ
මඟ හැරුණු තැන තවමත් නැවතී
නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ
හදෙහි අවසන් දොරටුව හැරියේ
නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ
මෙතැන් පසුවට නුඹත් නොමැති නම්
තනිව යන්නම් දිවි ගමන පාඩුවේ
ඇහුනද
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
මේ ඇහුනද
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Deparak Song Lyrics - මා දෙපාරක් ගීතයේ පද පෙළ Ma Deparak Song Lyrics - මා දෙපාරක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2024 Rating: 5

0 comments:

Post a Comment