Thani Manasaka Song Lyrics - තනි මනසක ගීතයේ පද පෙළ

Thani Manasaka Song Lyrics - තනි මනසක ගීතයේ පද පෙළ
Song Title : Thani Manasaka (තනි මනසක)
Singing : Romaine Willis
Written by : Yashoda Adhikari
Music Composer & Producer : Chamel
Melody : Chamel & Romaine Willis
Mixing / Mastering Engineer : Priyanka Edirisinghe at Legatones Studios
Directed by : Koflo


තනි මනසක පාළු මකාලා මට මොනවද මේ කෙරුවේ
යළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේ
හිත හුරු නැත මේව දරලා මට හැඬවෙනවා රහසේ
මට බොරු කෙරුවාට කමක් නෑ නුඹගේ හිත මාගේ

නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා
නුඹ දෙන චාටු හාදු අතරේ මට දැනුනා
හැබැහැට පේන හීන බිඳලා නුඹ පිට වේද මා දවා
කලියුග ප්‍රේමයේ තනි වෙලා මා හිඳිනා

මායාවක මා පාවෙනවා සේ දැනෙනා විට මා
ආ මේ දුර ප්‍රේමේයි හිතුවා
රූරායන දෑසේ ගිලිලා මා නොනිදා නිදනා
හෝරා දින සති මාසේ ගෙවෙනා නොදැනුනා

නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා
නුඹ දෙන චාටු හාදු අතරේ මට දැනුනා
හැබැහැට පේන හීන බිඳලා නුඹ පිට වේද මා දවා
කලියුග ප්‍රේමයේ තනි වෙලා මම හිඳිනා

තනි මනසක පාළු මකාලා මට මොනවද මේ කෙරුවේ
යළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේ
හිත හුරු නැත මේව දරලා මට හැඬවෙනවා රහසේ
මට බොරු කෙරුවාට කමක් නෑ නුඹගේ හිත මාගේ

නුඹ ළඟ ආදරෙන් නැළවෙනා එකම කෙනා නොවේ කියා
නුඹ දෙන චාටු හාදු අතරේ මට දැනුනා
හැබැහැට පේන හීන බිඳලා නුඹ පිට වේද මා දවා
කලියුග ප්‍රේමයේ තනි වෙලා මම හිඳිනා

"කරුණාවට, දයානුකම්පාවට සහ ස්නේහයට ප්‍රේමය මුසු වී අනුරාගයත් යන්තමින් එක් වූ විට දැනෙන සිතුවිල්ල ආදරයයි. එහෙව් හැඟීමක හිමිකරගැනීම යන සිතුවිල්ල ඇත්තේ එක් අන්තයක පමණි. නමුත් ඒ අන්තයෙන් ගැලවී යාමට මට ඇති නොහැකියාවට දැන් මම ආදරය යැයි අමතමි." 

යශෝ✍🏻💖 📝


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thani Manasaka Song Lyrics - තනි මනසක ගීතයේ පද පෙළ Thani Manasaka Song Lyrics - තනි මනසක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2024 Rating: 5

0 comments:

Post a Comment