Song Title : Rathriya Sondurui Kiya (රාත්‍රිය සොඳුරුයි කියා)
Singing : Suneera Sumanga
Lyrics : Wasana Ediriarachchi
Melody & Music : Aruna Gunawardhana
Mixing & Mastering : Janaka Daladawatta @ Pansilu Music Studio
රාත්‍රිය සොඳුරුයි කියා
පහන් සිල කඳුලින් නිවා
අඳුරු සෙවනැලි සොය සොයා
නවාතැන් සිත හැර ගියා
පුරුදු අඳුරට පෙම් බඳින රෑ කුමරියේ
මං මුලා වූ ගමන කොහෙටද ප්‍රේමයේ
ඔහේ පාවෙන වලාකුළකට අහස වෙන්නට සැරසිලා
වළා ගැබ තෙත පිලිසිඳින හැටි බලා මා හද සැනසුණා
අනෝරා වැහි පේළි පොකුරක් දෑස් දෙකොනින් සල සලා
පැතු සෙනෙහස අඳුරු කුටියෙම ගිලී යන්නට සැලසුවා
පාලු සයුරක ඈත දියඹක පුංචි තරුවක දැවටිලා
එගොඩ වන්නට බැන්ද සෙනෙහස රැල්ල පාමුල දිය වෙලා
රංචු ලිහිණින් යන්නෙ කොතනද කිව්වෙ කවදද ලං වෙලා
එන්න සොඳුරියෙ නවාතැන්පොළ තවම ඉන්නේ මග බලා
රාත්‍රිය සොඳුරුයි කියා
පහන් සිල කඳුලින් නිවා
අඳුරු සෙවනැලි සොය සොයා
නවාතැන් සිත හැර ගියා
පුරුදු අඳුරට පෙම් බඳින රෑ කුමරියේ
මං මුලා වූ ගමන කොහෙටද ප්‍රේමයේ
0 comments:
Post a Comment