Numbata Liyanne Song Lyrics - නුඹට ලියන්නේ ගීතයේ පද පෙළ

Numbata Liyanne Song Lyrics - නුඹට ලියන්නේ ගීතයේ පද පෙළ
Song Title : Numbata Liyanne (නුඹට ලියන්නේ)
Artist : Pasindu Jayasekara ft Mahazona
Music : ‪@SANTHUR‬
Lyrics & Rap : Mahazona


දැක්ක ගමන් හිතේ බැඳී නාඹර රූපේ
සොයාන එන්නෙමි පියඹා
ආසම මං හිනාව ඒ ආදරෙ පිරුණූ
නොම දැක මෙවැනි ලඳක රූ

පුරා ඒ සඳ බබලා රෑ
ඈ නෙතු කමලින් පෑ
ඒ ඉඟි කෝමල දෑසින් වසා
නෑ මේ සිහින නිමක් නෑ
නුඹ නැතිව ලොවක් නෑ
නුඹ දුන්න හැඟුම් සිත්තම් වීලා

නුඹට ලියන්නේ මෙ පෙම් ගී හදින් ගයාලා
හෘදෙ මා කිනිත්තූ
ශෘංගාරි මා හිතෙ ඇදීලා
නෑ වෙන හිතක් නම් නුඹෙන් මං එහා පතාලා
කරද්දි මුකුලු ඈ
මල් වාරම් හිතේ රැව් දීලා
දැක්ක ගමන් හිතේ බැඳීයා
හිතේ බැඳී දැක්ක ගමන් හිතේ බැඳීයා
[ර ර ර(අ) රේ]
දැක්ක ගමන් හිතේ බැඳී නාඹර රූපේ
සොයාන එන්නෙමි පියඹා

ඇසිල්ලෙන් එන්නද නුඹ ලඟටම පාවී දැන්
නොදැක්ක රුවක් එ පුරුදුයි ඔය රූපේ නම් නිට්ටාවට
කියන්නෙ වංචාවක් නොවෙයි මේ ඇස් දෙකෙ දිස්නෙටමයි මුලා වී මත් වෙන්නෙ
රෑ සඳ ගමනින් එන්නම් නුඹ හොයා
චංචල වී හීනේ නුඹෙ රූපේමයි දැක්කෙම යා
රහසේම එන්නම් මං පාවී
බලාන පින්තූරෙ නුඹගෙ නුරාවී

මතුදා මෙලේසිනී ඈ බලාන මා දෙසේ
පලඳා මාල හතක් සරසා දේවී
වැසිදා අහස් දිය පවා පතාවි සුබ සිරී
නෑ ඇගෙ අත්ලෙ රටා නොමැකී නොමැකී
නුරා ඒ වත බබලා රෑ
ඈ මුදු පහසින් පෑ ඒ කෝල හැඟුම් දෑසින් වසා
නෑ මේ සිහින නිමක් නෑ
තනි වෙන්න හිතක් නෑ
නුඹ දුන්න හැඟුම් සිත්තම් වීලා

නුඹට ලියන්නේ මෙ පෙම් ගී හදින් ගයාලා
හෘදෙ මා කිනිත්තූ
ශෘංගාරි මා හිතෙ ඇදීලා
නෑ වෙන හිතක් නම් නුඹෙන් මං එහා පතාලා
කරද්දි මුකුලු ඈ
මල් වාරම් හිතේ රැව් දීලා
දැක්ක ගමන් හිතේ බැඳීයා
හිතේ බැඳී දැක්ක ගමන් හිතේ බැඳීයා
[ර ර ර(අ) රේ]


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment