Maha Wesse Song Lyrics - මහ වැස්සේ ගීතයේ පද පෙළ

Maha Wesse Song Lyrics - මහ වැස්සේ ගීතයේ පද පෙළ
Song Title : Maha Wesse (මහ වැස්සේ)
Artist : Kelwiz
Produced by : Visler
Recording and Produced by : Vinosh Perera (Rod Records)
Artworks : Akesh Sandumain
Film By : Damsara Bandaranayake (Motion d Films)


මේ වදන් ලියන්න ගත්තේ මහා වැස්සේ
ඇයි අපි යැද්ද දේවල් දෙවියන් නොදැක්කේ
කියන්න අවසරයි ලස්සන කතාවක්
ලස්සන උනත් මාර දේවල් වෙන්නේ මේ පැත්තේ

ආසයි මන් හුළගට ගියා මන් දුරකට
නොදැක්ක දේවල් දැක්කා බලන් ඉද්දි අහසම
ඇයි අපි තාමත් හොයන්නේ ඒ පහසම
අතෑරියනම් මේ වදනුත් නැහැ මෙලහකට

මගෙන් අහෙන්නේ මන් මීට කලින් ගිහිල්ලා
මට දැනුන අස්ථීර දුක මාර ප්‍රබලයි
ඉබෙම ඉත්තෙක් මුවහත් වෙද්දි තරගෙන්
පස්සෙන් එන ඉත්තා උගේ ඉදිරියේ දුබලයි

ගත්තේ නෑ පැත්තක් බලලා මන් වාසි
මේ වචන බැදෙයි හදවතේ වගේ පාසි
මගේ ළග නැති ගති තමයි මර්සි
සෙල්ලම ගැහුවේ අතේ තියන් හංගන් ආසි

යාවී ආකාසයේ මන් පාවීලා ආ
ඒ අන්ධකාරේ පරදාලා
ඈත්වී යාවී දේවල් හීනෙට මත් වීලා ආ
ඝන අදුරේදිත් මන් මට සිටියි

හැමදේම ලැබෙයි වෙලාවට
කියලා බලන් කලාවට
හිටියේ නෑ ලන් වෙනකන් දේවල්
ඇදලා ගත්තා මං ගාවට
මං කාවද විශ්වාස කරන්නේ
හෙවනැල්ලත් දාලා යද්දි
උනා හිත හයිය එලාගත්තා මං පාවඩ මගේ පාරට

තිබ්බා අඩි ගොඩ යන්න නොයෙක් පාරවල්වල
වරදිද්දි ළග එකත් හිනා උනා බල බල
ඈතට යද්දි ආස දේවල් පැත්තට උනා අඩ අඩ
අතෑරියේ නෑ කිසි දෙයක් උන්නෑ මං කලබල

මේ ලෝකේ වෙන්නේ හිතාගන්න බැරි දේවල්
ශෝකේ ඇති වෙන්නේ වැඩි වෙද්දි බැදීම්
නැතුව සද්දේ දාර කුණාටු ආවනේ බන්
මනසින් පාලනය කරා හිතේ හැගීම්

වරදින්නේත් තුන් පාරයි
සැනසුවේ දුම් පාරයි
අඩේ මන් මාරයි
මාව දෙවියන්ට බාරයි
මේ සින්දුව ලියද්දි වයස විසිතුනා මාරයි
යැව්වේ නෑ සාතන් තාමත් ඉන්නේ මන් ගාවයි

ඉන්න ආස කාලේ අපිටත් කලින් ගියානේ
තෙමුනට වැස්සේ මටත් හරි ගියානේ
ගහන්න බැරි නෑ Diss මටත් උබලට
මගේ සින්දු අහන් ගොඩක් කොල්ලෝ හීනෙට ගියානේ

බලපන් පිවිසුම 20 20 ගිවිසුම
අතීතේ බලද්දි මට වෙන්න ඕන නෑ දුක්
ගොඩක් උන්ව නැගිට්ටුවා නැගිටලා ඇවිද්දුවා
හම්බුන වරප්‍රසාදෙන් ඈත් කරා ඈනුම්

එපා නාම විශේශන ඉන්න ආස පිස්සෙක් ලෙස
මන් විසින්මයි දාගත්තේ තොන්ඩුව මගේ බෙල්ලට
නැති උනත් ළග මං මගේ දූගේ
අයිතිවෙයි මං හදන හැමදේ මගේ කෙල්ලට

දන්නවා අල්ලන් ඉද්දි අමාරුයි අතට ඒත අදිනවා
නොදැනිම අතින් ලිස්සලා යන දේවල් හිතට වදිනවා
යවාගන්න කහ කලින් ගහපු ඒවගේ දත් මදිනවා
කැරකෙන්නේ එකම රෝදේ හැබැයි වෙනස් විදියට පදිනවා

යාවී ආකාසයේ මන් පාවීලා ආ
ඒ අන්ධකාරේ පරදාලා
ඈත්වී යාවී දේවල් හීනෙට මත් වීලා ආ
ඝන අදුරේදිත් මන් මට සිටියි


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Wesse Song Lyrics - මහ වැස්සේ ගීතයේ පද පෙළ Maha Wesse Song Lyrics - මහ වැස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 20, 2024 Rating: 5

0 comments:

Post a Comment