Ma Kawurun Do Song Lyrics - මා කවුරුන්දෝ ගීතයේ පද පෙළ

Ma Kawurun Do Song Lyrics - මා කවුරුන්දෝ ගීතයේ පද පෙළ
Song Title : Ma Kawurun Do (මා කවුරුන්දෝ)
Artist Name : Dinesh Gamage
Lyrics Writer : Manuranga Wijesekara
Music : Amith Guru
Melody : Dinesh Gamage
Mix by Amith Guru
Mastering by Chandana Bandara


ගාලු කොටුවට වඩා තද ඇති හිතක් ඇති ඒ නුඹහට
ආදරේ සුව දැනුනේ නෑ එය දැනුනේ නෑ එය ඔබ හට සොඳුරේ
හීනමත හිඳ මැව්ව සුන්දර මාලිගාවක් බිඳුනම
වේදනාවෙන් ගිලන් හදවත දැනුනේ නෑ එය ඔබ හට සොඳුරේ
සරල කවිපද විරල අයුරින් වින්ඳ නුඹ හට නොදැනුන
රසය වැහෙන ආදරේ රස වින්ඳේ නුඹ නම් නුහුරට සොඳුරේ

සොඳුරේ...

මා කවුරුන්දෝ නුඹ හට මා කවුරුන්දෝ
මේ දුක් ඉවුරේ තනි වුනු මා
රෑ තරු සිතුවම් ලියනා දුක් ගී විරහින්
අහසින් වැටෙනා තරුවක් මං

අහස කඳුලින් තෙමෙන දවසක යලිත් හමු වෙමු ඉඳ හිට
කලින් නොකියපු බොහොදේ ඇත ළඟින් හිඳ මට කියන්න සොඳුරේ
දුරක යන්නට අවසරයි හෙට මතක පමනක් ගුලි කර
හිතින් විඳවන හිතින් හිනහෙන බොහො අය ඇත තනිවුන සොඳුරේ

සරල කවිපද විරල අයුරින් වින්ඳ නුඹ හට නොදැනුන
රසය වැහෙන ආදරේ රස වින්ඳේ නුඹ නම් නුහුරට සොඳුරේ

මා කවුරුන්දෝ නුඹ හට මා කවුරුන්දෝ
මේ දුක් ඉවුරේ තනි වුනු මා
රෑ තරු සිතුවම් ලියනා දුක් ගී විරහින්
අහසින් වැටෙනා තරුවක් මං

රෑ තරු සිතුවම් ලියනා දුක් ගී විරහින්
අහසින් වැටෙනා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment