Komala Sobana Song Lyrics - කොමළ සෝබනා ගීතයේ පද පෙළ

Komala Sobana Song Lyrics - කොමළ සෝබනා ගීතයේ පද පෙළ
Song Title : Komala Sobana (කොමළ සෝබනා)
Artist & Melody : Tharindu Dilshan
Music : Ranga S Badanarachchi
Lyrics : Namal Jayasinghe


උකුල සලන ළමැද වනන රූ ඉනා මනා
සසල කරන හිතම පිනන ආලකම් ගෙනා
රතට හැරුන තොලඟ නිතර හාදු ඉල්ලනා
ලඟට ලඟට හනික ඇදෙන කොමල සෝබනා

ඔය මනබන්දන ලියකම්
හැඩ ඉඟ සුඟ ලැම කැටයම්
අඩවන් ඇසිපිය නලවන්
සුර දෙවඟන වගෙ වැඩපන්

ඔය මනබන්දන ලියකම්
හැඩ ඉඟ සුඟ ලැම කැටයම්
අඩවන් ඇසිපිය නලවන්
සුර දෙවඟන වගෙ වැඩපන්

ඔය සැලෙන ලපටි උකුලෙ පිරුණු කළය දවටලා
නුඹ දැක්කාම පිපුනු මලක සුරුපෙ හිතට ඉඟිකලා
හිත කීවෙ යන්නමයි සංසාරෙ චාරිකා
ගම්මානෙ හැඩම කුමරි මගෙම රැජින කරගෙනා

ඔය මනබන්දන ලියකම්
හැඩ ඉඟ සුඟ ලැම කැටයම්
අඩවන් ඇසිපිය නලවන්
සුර දෙවඟන වගෙ වැඩපන්

ඔය මනබන්දන ලියකම්
හැඩ ඉඟ සුඟ ලැම කැටයම්
අඩවන් ඇසිපිය නලවන්
සුර දෙවඟන වගෙ වැඩපන්

පිංසාර මුවගෙ හංගාපු සෙනෙහෙ දෝරෙ යනු බලා
ඇස් දෙකෙන් ඉවත යනෙනු කෙලෙස නුඹව අතැරලා
මිණි කිකිණි පතුල වදින පොළොවෙ පාවඩ අතුරා
කැන්ද යන්නෙ රන් මාලිග නුඹට තනවලා

උකුල සලන ළමැද වනන රූ ඉනා මනා
සසල කරන හිතම පිනන ආලකම් ගෙනා
රතට හැරුන තොලඟ නිතර හාදු ඉල්ලනා
ලඟට ලඟට හනික ඇදෙන කොමල සෝබනා

ඔය මනබන්දන ලියකම්
හැඩ ඉඟ සුඟ ලැම කැටයම්
අඩවන් ඇසිපිය නලවන්
සුර දෙවඟන වගෙ වැඩපන්

ඔය මනබන්දන ලියකම්
හැඩ ඉඟ සුඟ ලැම කැටයම්
අඩවන් ඇසිපිය නලවන්
සුර දෙවඟන වගෙ වැඩපන්


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment