Dannawa Adare Song Lyrics - දන්නවා ආදරේ ගීතයේ පද පෙළ

Dannawa Adare Song Lyrics - දන්නවා ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Dannawa Adare (දන්නවා ආදරේ)
Artist : Uvindu Ayshcharya
Lyrics : Uvindu Ayshcharya
Melody Composer : Uvindu Ayshcharya
Music Producer : ‪@DILUBeats‬
Mix and mastered by ‪@DILUBeats‬
Guitars : ‪@imanfernando‬
Flute : Madusara Liyanage


ආදරය දැනෙනා තැනක මා
තනිවෙන්න හිමිකම් සොයනවා
මට නුඹව හිමි නෑ කිසිමදා

ගෙවෙන හැම මොහොතක් ගානෙ මා
හිතට දුක ඇයි මං දන්නවා
මටම නුහුරුයි මේ වේදනා

මා ලගින් ඉන්නවා දැනෙනවා
තාමත් නුඹෙන් මා නිවෙනවා

නුඹ දන්නවා ආදරේ
දුන් එදා මුල් කාලයේ
හිත දන්නවා නම් මෙසේ
හැරදමා ගිය කාරනේ
පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා

හිනහෙන්න හේතු සොයලා
වෙහෙසයි තවත් හිතට මා
හිමි නොවුන නම් නුඹ එදා නෑ දුක දරා

පෙර උන්නු කාලෙ නුඹ හා
හුස්මක් පවා නොදැනුනා
සිහි වෙද්දි ඒ සුවඳ මා
හිත දුර ගියා

දැනමයි අප හමුවුනේ
කඳුලයි මා තනි කරේ
හිමි නම් මතු හැම දිනේ
සැනසී ඉනු ලග මගේ

නුඹ දන්නවා ආදරේ
දුන් එදා මුල් කාලයේ
හිත දන්නවා නම් මෙසේ
හැරදමා ගිය කාරනේ
පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා

පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dannawa Adare Song Lyrics - දන්නවා ආදරේ ගීතයේ පද පෙළ Dannawa Adare Song Lyrics - දන්නවා ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2024 Rating: 5

0 comments:

Post a Comment