Amuthu Minissu Song Lyrics - අමුතු මිනිස්සු ගීතයේ පද පෙළ

Amuthu Minissu Song Lyrics - අමුතු මිනිස්සු ගීතයේ පද පෙළ
Song Title : Amuthu Minissu (අමුතු මිනිස්සු)
ගායනය : හෂේන් දුලංජන
තනුව : හෂේන් දුලංජන
වචන : අනීශා ජයකොඩි
සංගීතය : හෂේන් දුලංජන
ගිටාර් වාදනය : රොහාන් රන්වල
සංගීත සංස්කරණය : හෂේන් දුලංජන


මුතු ඇටයක ඉපදීලා
සාගරයෙන් වටවීලා
ඒරොප්පෙන් සැමන් ගේන
පුදුම මිනිස්සු
පුදුමයි වාගේ පෙනුනට අමුතු මිනිස්සු
පුදුමයි වාගේ පෙනුනට අමුතු මිනිස්සු

ඔසරිය මැද පේන බඩම
ඩෙනිම මැදින් පෙන්නනකොට
සදාචාරෙ ඔලුවට ගෙන
බනින මිනිස්සු
වෙලාවකට පුදුමයි අපි අමුතු මිනිස්සු
වෙලාවකට පුදුමයි අපි අමුතු මිනිස්සු

සල්ලි පාවේ
ඈත යාවේ
හීන පාරේ
බිඳිලා යාවේ

සල්ලි පාවේ
ඈත යාවේ
හීන පාරේ
බිඳිලා යාවේ

තමන්ගෙ රෙදි ගැලවෙද්දිත්
හෙළුව අතින් වහගෙන හරි
අනුන්ගෙ රෙද්දේ ඇද කුද හොයන මිනිස්සු
වෙලාවකට හිනා යනවා මෙහෙම මිනිස්සු
වෙලාවකට හිනා යනවා මෙහෙම මිනිස්සු

ටයි පොල්ලෙන් බෙන්ස් එකෙන්
ටැටූ එකේ කලර් එකෙන්
මිනිස්සුන්ට සහතික දෙන අමුතු මිනිස්සු
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු

සල්ලි පාවේ
ඈත යාවේ
හීන පාරේ
බිඳිලා යාවේ

සල්ලි පාවේ
ඈත යාවේ
හීන පාරේ
බිඳිලා යාවේ

රයිස් කොත්තු උඩ නැගගෙන
කෝක් බෝතලෙන් සැනහෙන
බෙහෙත් පෙත්තෙ සයිඩ් එෆෙක්ට් හොයන මිනිස්සු
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු

හොඳම කඩෙන් රෙදි ඇඳගෙන
හොඳම කොලිටි බඩු අරගෙන
හොඳම හොරුන් දියවන්නා
යවපු මිනිස්සු
ඊට පස්සෙ රට ඉවරයි කියන මිනිස්සු
ඊට පස්සෙ රට ඉවරයි කියන මිනිස්සු

අනේ මන්ද අපි නම් මහ පුදුම මිනිස්සු
මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සු
මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සු


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment