Sapathneeroshayak Song Lyrics - සපත්නීරෝෂයක් ගීතයේ පද පෙළ

Sapathneeroshayak Song Lyrics - සපත්නීරෝෂයක් ගීතයේ පද පෙළ
Song Title : Sapathneeroshayak (සපත්නීරෝෂයක්)
Artists : Dr Nanda Malini And Abhisheka wimalweera
Music : Indrajith Mirihana
Lyrics : Abhisheka Wimalaweera


-බිරිද-
සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේ
පතිනියගේ සුවඳ ඔබෙ සුවඳ නොවේ
දෙපත් රෑනක් කළේ සාපයයි රුවේ
උදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ

-පෙම්වතිය-
සපත්නීරෝෂයක් නෑ කියා ස්ථිරද
ගඳපාන මලක් වුව සුවඳ බව දන්නවද
තුන්පතේ රෑනකට පියසමර කුමකටද
හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද

-බිරිද-
රාධා ක්‍රිෂ්ණා කියා ලීවාට ඉතිහාසෙ
ක්‍රිෂ්ණගේ පණ තිබුණෙ රුක්මණියගේ දෑසෙ
මරණීය රමණීය ශෘංගාර මදහාසෙ
වියැකෙනා දින ළඟයි ගණන් හදපන් අහසෙ

-පෙම්වතිය-
නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට
අත්සනට හිමි වේවි ඒ සිරුර සීතලට
මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට
වියැකුණත් මතකයත් ඇති අලුත් රාධාට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment