Sandapaane Naadaa Song Lyrics - සඳ පානේ නාඬා ගීතයේ පද පෙළ

Sandapaane Naadaa Song Lyrics - සඳ පානේ නාඬා ගීතයේ පද පෙළ
Song Title : Sandapaane Naadaa (සඳ පානේ නාඬා)
ARTIST : Lahiru Prabath
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Prarthana Teledrama Theme Song (ප්‍රර්ථනා - ටෙලි නාට්‍ය) TV දෙරණ


සඳපානේ නාඬා පෙරදාක ආවා
පෙම් ගීත මාහා කොඳුරාලා කීවා
බොඳ මීදුම් විහිදුන සේයා
හද පාරන පාරන ඡායා
මගෙ දෑසම දෑසම පාරා
පෙර මතකය සිත මත රෑරා
ගෙනේ හද වේදනා

රුව මැවේ නයනේ සඳ වළා වියනේ
හඬ වැකේ සවනේ පෙර කතා මතකේ
කොහෙදෝ ගියේ හද පාරලා
සැඟවී කොහේ ගියෙ පාවෙලා

මේ ආදරේ නොමැකී තියේ
සඳපානේ නාඬා පෙරදාක ආවා

නුඹ ගියා පවනේ නොම එනා ගමනේ
හිත රිදේ නිතොරේ හමු වෙමූ සසරේ
කිමදෝ මෙසේ ළය සූරලා
තනිවී ඉමී දුක වාවලා

මේ ආදරේ නොමැකී තියේ

සඳපානේ නාඬා පෙරදාක ආවා
පෙම් ගීත මාහා කොඳුරාලා කීවා
බොඳ මීදුම් විහිදුන සේයා
හද පාරන පාරන ඡායා
මගෙ දෑසම දෑසම පාරා
පෙර මතකය සිත මත රෑරා
ගෙනේ හද වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment