Ralu Nethu Song Lyrics - රළු නෙතු ගීතයේ පද පෙළ

Ralu Nethu Song Lyrics - රළු නෙතු ගීතයේ පද පෙළ
Song Title : Ralu Nethu(රළු නෙතු)
Singing : Iman Fernando
Lyrics : Iman Fernando
Melody Composer : Iman Fernando
Music Producer : ‪@DILUBeats‬
Mix and mastered by DILU Beats
Guitars : Prakash Ranasinghe
Guitar Recording Engineer : Lahiru De Costa @ LAV Studios
Flute : Madusara Liyanage


මතකෙක පැටලෙනු පෙර හාද කම්
ඔය රතු තොල් මගෙ වෙනවා නම්
ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්
තව ළං වෙන්නට හිතුවා මං

තෙත වැහි බිඳු හිත හදලා ගියත්
ඔය රළු නෙතු හරි අවදානම්
හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන්
තව ඉන්නට කළ කුරුමානම්

හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා

ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනි වෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ

දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා

උණුහුම රැඳි තතු මම නෙතු පියන්
හැම රැයකම ළඟ තැබුවා නම්
හද ලුහුබැඳි පෙම අග මතකයෙන්
තව තව නුඹ දෙස බැලුවා මං

තනිවුනු හදවත ඔබගෙන් තරම්
කෙලෙසක විඳිනුද මල්වාරම්
උහුලනු බැරි කඳුලට තිත තියන්
හැම දවසක නුඹ හිටියා නම්

හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා

ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනි වෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ

දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා

හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා

ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනි වෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ

දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ralu Nethu Song Lyrics - රළු නෙතු ගීතයේ පද පෙළ Ralu Nethu Song Lyrics - රළු නෙතු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2024 Rating: 5

0 comments:

Post a Comment