Udagirin Dinapathinda Song Lyrics - උදාගි‍රින් දිනපතිඳා ගීතයේ පද පෙළ

Udagirin Dinapathinda Song Lyrics - උදාගි‍රින් දිනපතිඳා ගීතයේ පද පෙළ
Song Title : Udagirin Dinapathinda (උදාගි‍රින් දිනපතිඳා)
ගායනය : රූපා ඉන්දුමතී
තනුව/ සංගීතය : සරත් බාලසූරිය
ගී පද : මීගහවෙල සුමනශාන්ත හිමි (ගිහි කල සරත් ගුණසිංහ)


උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු

සිරිමා බෝ පත් පිස එන පවන වාසනා
සිරිමා බෝ පත් පිස එන පවන වාසනා
සමාධි පිළිමයෙ මහිමය මහිම වාසනා
තිසා වැවේ අමා වතුර  සිහිල වාසනා
පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා
පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා

උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු

ථූපාරාමයෙ සම්බුදු කිරණ වාසනා
ථූපාරාමයෙ සම්බුදු කිරණ වාසනා
සීගිරි මනරම් සිතුවම් නෙතට වාසනා
සඳකඩ පහනේ රූ සිරි වරුණ වාසනා
සසර වසන තුරු මේ රන් දෙරණ වාසනා
සසර වසන තුරු මේ රන් දෙරණ වාසනා

උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udagirin Dinapathinda Song Lyrics - උදාගි‍රින් දිනපතිඳා ගීතයේ පද පෙළ Udagirin Dinapathinda Song Lyrics - උදාගි‍රින් දිනපතිඳා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2024 Rating: 5

0 comments:

Post a Comment