Pini Bindu Song Lyrics - පිණි බිංදු ගීතයේ පද පෙළ

Pini Bindu Song Lyrics - පිණි බිංදු ගීතයේ පද පෙළ
Song Title : Pini Bindu (පිණි බිංදු)
Artist : Dilshan Maduranga
Music Re-Arrangement : EvO Beats
Song Writer : @Kelum_Dissanayake
DOP : Thisun Gunathilaka
Edit & Color : @MrPravish
Video Director : Kasun Madushanka


සතුට කියයි හිරු කතා
ආදරෙ ගැන ගොත ගොතා
මං ආසම මල් ලතා
පරදයි ඔබ සදලතා වී

තරු සිනා සී ආකාසයේ
ඔබ නිසා පා වේ මා

මේ හීනේ ලයාවී
රෑ යාමේ හිනා වී
සංසාරේ සරාවී
මා හුදෙකලා වී

සුරලන්දූ ඔබ හිනැහෙද්දී
හිත ආසම මල් පිපේ ආදරය ගෑවී
පිණි බිංදු ඔබ නහවද්දි
අපෙ ආදර මල් පෙතේ මා දුරෙක යාවී ඒවී

සියුමැලි අතැගිලි ඔයා පටලවන්න මැණික මගෙ හිසේ
හද තුල සිතැගි ඔබට අවනතයි මේ දවසේ
පිවිතුරු ළය මත මගෙ ඔබ නිදන්න දැවටි සුව ලෙසේ
නල මුදු සුවද ඔබගෙ මට දැනේ මේ රහසේ

මියැසි මං ආවේ සංසාරේ සංචාරේ සංකාවේ ඔබ සොයා
නැවති මං ගාව නෙත් මානේ සිත් යායේ ඉන්න ඉවත නොයා

සඳ නැතිවූ කළු අහසයි
ඔබ නැතිවූ දිවි පලසයි
කිසි පල නැති මගෙ සෘංගාර කුමරි
සංසාර හීනෙම වින්දෙ ඔබයි මම

මේ හීනේ ලයාවී
රෑ යාමේ හිනා වී
සංසාරේ සරාවී
මා හුදෙකලා වී

සුරලන්දූ ඔබ හිනැහෙද්දී
හිත ආසම මල් පිපේ ආදරය ගෑවී
පිණි බිංදු ඔබ නහවද්දි
අපෙ ආදර මල් පෙතේ මා දුරෙක යාවී ඒවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment