Amuthu Adum Ada Song Lyrics - අමුතු ඇඳුම් ඇඳ ගීතයේ පද පෙළ

Amuthu Adum Ada Song Lyrics - අමුතු ඇඳුම් ඇඳ ගීතයේ පද පෙළ
Song Title : Amuthu Adum Ada (අමුතු ඇඳුම් ඇඳ)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
පද රචනය : ප්‍රේම කීර්ති ද අල්විස්


අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ

ආකාසේ ඔලුව වදී කියල බය හිතේ
ආකාසේ ඔලුව වදී කියල බය හිතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ

උන බම්බු දෙකක් උඩ මිනිහා ඉන්න කොහොමද
එයා අපි වාගේ මහ පොලවේ පයින් යනවද
මට තේරෙන්නෙ නෑ තාත්තේ කියලා දෙනවද
මට තේරෙන්නේ නෑ තාත්තෙ කියලා දෙනවද
එයා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද
එයා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද

අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ

බොරු අහංකාරකම් කෙනෙකුගේ
නැති වුනොත් හිතේ
එයා උඩින් නොවෙයි බිමින්
ගියත් වැරැද්දක් නැතේ

බොරු කකුල් මෙයා වාගේ
බැඳලා ඇති නමුත් පුතේ
බොරු කකුල් මෙයා වගේ
බැඳලා ඇති නමුත් පුතේ
ඔයිට වැඩියෙන් උඩින් යන ඈයෝ හොගක් ලොව ඇතේ
ඔයිට වැඩියෙන් උඩින් යන ඈයෝ හොගක් ලොව ඇතේ

අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ

ආකාසේ ඔලුව වදී කියල බය හිතේ
ආකාසේ ඔලුව වදී කියල බය හිතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amuthu Adum Ada Song Lyrics - අමුතු ඇඳුම් ඇඳ ගීතයේ පද පෙළ Amuthu Adum Ada Song Lyrics - අමුතු ඇඳුම් ඇඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2023 Rating: 5

0 comments:

Post a Comment