Song Title : Sal Gaha Mudune (සල් ගහ මුදුනේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
සල් ගහ මුදුනේ මලක් පිපී
වටවීලා බිඟු වටවීලා
ඔබ කීවා ඔබ කීවා
ඇදහූවා විමසූවා
කිඳුරු දනව්වේ කිඳුරු ලියන්නේ
විසිතුරු දෑසින් මා දැක නැත්තේ
අප දෙදෙනාගේ බැඳුනු සෙනේහෙන්
සල් මල් පිපුනා සිහි මුදුනේ
සල් ගහ මුදුනේ මලක් පිපී
වටවීලා බිඟු වටවීලා
ඔබ කීවා ඔබ කීවා
ඇදහූවා විමසූවා
නිබඳ නිසංසල ලොවට වඩින්නයි
සැනසිලි වදනක් නිරතුරු පැතුවේ
සල් ගස් මුදුනේ මල් පිපුනේ
කොයි කවදාදෝ කියනු මැනේ
සල් ගහ මුදුනේ මලක් පිපී
වටවීලා බිඟු වටවීලා
ඔබ කීවා ඔබ කීවා
ඇදහූවා විමසූවා
සල් ගහ මුදුනේ මලක් පිපී
වටවීලා බිඟු වටවීලා
ඔබ කීවා ඔබ කීවා
ඇදහූවා විමසූවා
0 comments:
Post a Comment