Dethol Dige Song Lyrics - දෙතොල් දිගේ ගීතයේ පද පෙළ

Dethol Dige Song Lyrics - දෙතොල් දිගේ ගීතයේ පද පෙළ
Song Title : Dethol Dige (දෙතොල් දිගේ)
Artist : Rahal Alwis
Lyrics : Jagath Perera
Music : Dulip Mirando
Mix & Mastered : Dulip Mirando
Starring : Rahal Alwis & Oshadi Himasha

Add This Song for Your Mobile Ringing Tone ☎️
Hutch : 74749297
Mobitel : 74749297
Hutch : 369261472
Dialog : 8711287729


උතුරා දෙතොල් දිගේ හාදු පිටාරේ
මුමුනා කියන නුරා ආල කතාවේ
තරු නෙත් පාර දිගේ
උණුසුම් තාල මැවේ

බැදුනා නාඹර රස කෝල හිනාවේ
කම්බුල් යාය දිලේ
සංසුන් ගමන් නුබේ
දැනුනා හිතට හොරා ප්‍රේම පුරානේ

හැගුනා,ඇසුනා
සුදු සේල වලාවේ

මුමුනා,අමුනා
ගොලු හීන කතාවේ

හැගුනා,ඇසුනා
සුදු සේල වලාවේ

මුමුනා,අමුනා
ගොලු හීන කතාවේ

ආදරේ කරන නියා
ආශා දෝරේ ගියා
පිරුනා සුවද පුරා රෝස වසන්තේ

හැඩ දගකාර සරා
අඩවන් දෑස් පියා
සීතල දෙගොඩ දුවන හෘද කලාවේ

දේදුන්නයි අහසයි වාගේ
වැලි කතරයි මිරිගුව වාගේ
ආදරේ අහුර අහුර අපි හැදු මාලේ
ජීවිතේ පාට කරපු සිතුවම මාගේ

හැගුනා,ඇසුනා
සුදු සේල වලාවේ

මුමුනා,අමුනා
ගොලු හීන කතාවේ

මල් පෙත්තක ලියලා
තොල් අග්ගිසි තියලා
මතුරා කියන හැගුම් රහස් වසන්තේ

ප්‍රේමයේ මම ඇදුරා
නුඹ මනමාලි වෙලා
සඳ පහනක් නිවලා
මංගල යාමේ

දේදුන්නයි අහසයි වාගේ
වැලි කතරයි මිරිගුව වාගේ
ආදරේ අහුර අහුර අපි හැදු මාලේ
ජීවිතේ පාට කරපු සිතුවම මාගේ

උතුරා දෙතොල් දිගේ හාදු පිටාරේ
මුමුනා කියන නුරා ආල කතාවේ
තරු නෙත් පාර දිගේ
උණුසුම් තාල මැවේ

බැදුනා නාඹර රස කෝල හිනාවේ
කම්බුල් යාය දිලේ
සංසුන් ගමන් නුබේ
දැනුනා හිතට හොරා ප්‍රේම පුරානේ...

හැගුනා,ඇසුනා
සුදු සේල වලාවේ

මුමුනා,අමුනා
ගොලු හීන කතාවේ

හැගුනා,ඇසුනා
සුදු සේල වලාවේ

මුමුනා,අමුනා
ගොලු හීන කතාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dethol Dige Song Lyrics - දෙතොල් දිගේ ගීතයේ පද පෙළ Dethol Dige Song Lyrics - දෙතොල් දිගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2023 Rating: 5

0 comments:

Post a Comment