Loveena Song Lyrics - ලොවීනා ගීතයේ පද පෙළ

Loveena Song Lyrics - ලොවීනා ගීතයේ පද පෙළ
Song Title : Loveena (ලොවීනා)
Artiste : Chitral Somapala & Kanchana Anuradhi
Lyrics : Gen. Kamal Gunaratne
Melody & Music : Suresh Maliyadde


ලොවීනා
ලොවීනා මගේ සොදුරියේ
නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ල වී තිසරුන් දවයි

ස්වාමීනි මම රොඩි කුලයේ
ඉපදුනේ පෙර පවකටයි
ලැම වසන්නට වරම් නෑ මට
රාජ අණ හරි බලගතුයි

රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි

රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි

මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි

ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Loveena Song Lyrics - ලොවීනා ගීතයේ පද පෙළ Loveena Song Lyrics - ලොවීනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2023 Rating: 5

0 comments:

Post a Comment