Hanga Gami Song Lyrics - හංගා ගමි ගීතයේ පද පෙළ

Hanga Gami Song Lyrics - හංගා ගමි ගීතයේ පද පෙළ
Song Title : Hanga Gami (හංගා ගමි)
ARTIST : Harsha Dhanosh
LYRICS : Tharinda Kasun Jayawardana
MUSIC : Nimesh Kulasinghe
DIRECTOR : Sharmila Dharmarasa Fonseka
DOP : Sarath Senevirathne
EDITOR : Rakitha Dikkumbura
COLORIST : Nadisha Maddumage
CHOREOGRAPHER : Gayan Srimal
VIOLIN : Rukshan Gunawardhana
Teledrama : Rosa Teledrama Song - දෙරණ TV


හංගා ගමි ගැඹුරේම හදෙහි
මං ආදරේ උහුලා ගනිමි
මන්දාරමේ අඳුරේම තනි වී
දුන් හාදුවේ මතකේ සිඹිමි
අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
දැන් කාටද කියා දෙන්නේ මගේ නිල් මල් කුමාරියේ
සංසාරේ සියවරේ හමු වීලා තිබුණා
ලං වීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා
අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා

පය තබනා හැම වරේ ජීවිතේ දුර්ග මාවතේ
ඔබ හිටියා ළඟ රැඳී හීන ගානේ
මගහැරිලා කලුවරේ තනියෙන් දැන් මා
පාවිලා යාවී දෝ කොහේ
අල්ලා අත පියාඹන්න දුර මන්දාකිණියේ
දැන් කාටද කියා දෙන්නේ මගේ නිල් මල් කුමාරියේ

සුසුමේ රේණු තවරා කේශ නල ගානේ
ඔබ ආවේම සරසාලාම මගෙ හීනේ
කලු ආකාසෙ තරු නෑ වාගෙ හිත ආයේ
යනදා ඈත දැනෙනා තාම සඳ මාගේ

සංසාරේ සියවරේ හමු වීලා තිබුණා
ලං වීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා
අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා

සංසාරේ සියවරේ හමු වීලා තිබුණා
ලං වීලා හිතුමතේ ඔබ ආවා බැඳිලා
අංගාරා ගඟ වගේ හිත සීතේ නහවා
හැන්දෑවේ තනි මඟේ යනවදෝ නොකියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hanga Gami Song Lyrics - හංගා ගමි ගීතයේ පද පෙළ Hanga Gami Song Lyrics - හංගා ගමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2023 Rating: 5

0 comments:

Post a Comment