Gimhanaye Pawela Song Lyrics - ගිම්හානයේ පාවෙලා ගීතයේ පද පෙළ

Gimhanaye Pawela Song Lyrics - ගිම්හානයේ පාවෙලා ගීතයේ පද පෙළ
Song Title : Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා)
Main Artist, Lyrics : Samantha Konara
Music : Radeesh Vandebona
Video Production : WideAngle Productions


ගිම්හානයේ පාවෙලා
ඈත රන් මාලිඟා
සීතලේ ගුලි වෙලා
වින්ද සෙනෙහේ පුරා
අද නෑ...කොහෙදෝ පාවී
සිහිනේ මා අද තනි වී
ඔබ මා...ගේ සිහිනෙන් මිදිලා ලදුනේ
ගිම්හානයේ පාවෙලා
ඈත රන් මාලිඟා

මං තාම වා..රු ගන්නේ
මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි
මුළු ජීවිතේ
ඔය නෙතට කදුලැල් දුන්නේ
මං ජීවිතේ
ඔබෙ හීන රජ කරවන්නයි
මා සැරසුනේ
සවනේ තාමත් රැදුනේ
ඔබගේ වදනයි සොඳුරේ
ඔබ මා...ගේ සිහිනේ රැදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා
ඈත රන් මාලිඟා

සංසාරෙ හුරු හින්දයි
යලි හමු වුනේ
මේ දෑස ඔබගේමයි
ඇයි හැඬවූයේ
පවසන්න මගෙ සෙනෙහේ
ඇයි මදි වුනේ
පෙර සංසාරෙත් ඔබමයි
මා හැර ගියේ

සැමදේ සුන්වී බොද වී
කොහෙදෝ තුරුලක සැඟ වී
ඔබ මා...ගේ සිහිනෙන් මිදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා
ඈත රන් මාලිඟා
සීතලේ ගුලි වෙලා
වින්ද සෙනෙහේ පුරා
අද නෑ...කොහෙදෝ පාවී
සිහිනේ මා අද තනි වී
ඔබ මා...ගේ සිහිනෙන් මිදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා
ඈත රන් මාලිඟා
සීතලේ ගුලි වෙලා
වින්ද සෙනෙහේ පුරා
අද නෑ...කොහෙදෝ පාවී
සිහිනේ මා අද තනි වී
ඔබ මා...ගේ සිහිනෙන් මිදිලා ලදුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gimhanaye Pawela Song Lyrics - ගිම්හානයේ පාවෙලා ගීතයේ පද පෙළ Gimhanaye Pawela Song Lyrics - ගිම්හානයේ පාවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2023 Rating: 5

0 comments:

Post a Comment