Premaya Nisamayi Song Lyrics - ප්‍රේමය නිසාමයි ගීතයේ පද පෙළ

Premaya Nisamayi Song Lyrics - ප්‍රේමය නිසාමයි ගීතයේ පද පෙළ
Song Title : Premaya Nisamayi (ප්‍රේමය නිසාමයි)
Artist : Mihindu Ariyaratne
Lyrics : Romesh A SIlva
Melody : Mihindu Ariyaratne
Music : Lahiru De Costa
Mixed & Mastered : Lahiru De Costa @ LAV studios
Guitars : Buddhika Perera
Veena : Wageeshan Sivanathan


උඹ එක්ක තනිවෙද්දි
තනිකමට සමුදෙද්දි
අපි ළඟම අපි හිටියේ
ප්‍රේමය නිසාමයි

හිස උරහිසේ ඉද්දි
උඹෙ නින්ද මගෙ වෙද්දි
ඇ‌හැරන්න නො‌‌සිතූවේ
ප්‍රේමය නිසාමයි

උඹෙ නළල සිපගද්දි
තො‌ල් අතර සැඟවෙද්දි
උඹ මා වෙළාගත්තේ
ප්‍රේමය නිසාමයි

සතුටින්ම අපි ඉද්දි
ලොව එරෙහි වී යද්දි
වෙන් වෙන්න වූයේම
ප්‍රේමය නිසාමයි

මගෙමමයි පිලිගද්දි
උඩු සිතම සැනසෙද්දි
යටි හිතින් නෑ කීවේ
ප්‍රේමය නිසාමයි

අපි යන්න සැරසෙද්දි
වෙන්වෙමුද පවසද්දි
වෙන්වෙන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි

පෝරුවට උඹ යද්දි
වෙනකෙකුගෙ අතගද්දි
හිතින් උඹෙ අත ගත්තේ
ප්‍රේමය නිසාමයි

ඉරණමට බිළිවෙද්දි
සිහිසුන් වෙලා යද්දි
හිනැහීම සමු දුන්නේ
ප්‍රේමය නිසාමයි

ඈතින්ම උඹ ඉද්දි
මගෙ මතක වියැකෙද්දි
මට උඹව සිහි වෙන්නේ
ප්‍රේමය නිසාමයි

අපි දැන් දුරින් ඉද්දි
මතකයට උඹ එද්දි
හිත මාව රිද්දන්නේ
ප්‍රේමය නිසාමයි

පිලිවෙලට සමු ගද්දි
මම අපිළිවෙල වෙද්දි
විස වතුර ගිල දැම්මේ
ප්‍රේමය නිසාමයි

ප්‍රේමයෙන් තනිවෙද්දි
තනිකමට හුරුවෙද්දි
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි

ප්‍රේමයෙන් තනිවෙද්දි
තනිකමට හුරුවෙද්දි
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaya Nisamayi Song Lyrics - ප්‍රේමය නිසාමයි ගීතයේ පද පෙළ Premaya Nisamayi Song Lyrics - ප්‍රේමය නිසාමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2023 Rating: 5

0 comments:

Post a Comment