Uththama Muni Dalada Song Lyrics - උත්තම මුනි දළදා ගීතයේ පද පෙළ

Uththama Muni Dalada Song Lyrics - උත්තම මුනි දළදා ගීතයේ පද පෙළ
Song Title : Uththama Muni Dalada (උත්තම මුනි දළදා)
ගායනය : ධර්මදාස වල්පොල
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ?


උත්තම මුනි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ
උත්තම මුනි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ

උදේනි රජ පුත් ධන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්
උදේනි රජ පුත් ධන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්
කෙස් කළඹේ සඟවා හිසින් ගෙන
උත්තම මුනි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ

තඹවන් වැල්ලට මල් වැහි වාස්සන
නිසිකල රන් ගොයමේ කිරි වද්දන
තඹවන් වැල්ලට මල් වැසි වාස්සන
නිසිකල රන් ගොයමේ කිරි වද්දන
උත්තම මුනි දළදා හිසින් ගෙන
කෙස් කළඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ
උත්තම මුනි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ

සත් සිය වරුසක් අනුරපුරේයා
ලක්දිව පින්කෙත කිරි උතුරායා
සත් සිය වරුසක් අනුරපුරේයා
ලක්දිව පින්කෙත කිරි උතුරායා

උත්තම මුනි දළදා හිසින් ගෙන
කෙස් කළඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ
උත්තම මුනි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uththama Muni Dalada Song Lyrics - උත්තම මුනි දළදා ගීතයේ පද පෙළ Uththama Muni Dalada Song Lyrics - උත්තම මුනි දළදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2023 Rating: 5

0 comments:

Post a Comment