Thana Thamdena (Mama Lenchina) Song Lyrics - තන තම්දෙනා (මම ලෙංචිනා) ගීතයේ පද පෙළ

Thana Thamdena (Mama Lenchina) Song Lyrics - තන තම්දෙනා (මම ලෙංචිනා) ගීතයේ පද පෙළ
Song Title : Thana Thamdena (Mama Lenchina) (තන තම්දෙනා (මම ලෙංචිනා))
ගායනය : ඉන්දීවරී ආරියසිංහ
තනුව හා සංගීතය : ඔස්ටින් මුණසිංහ
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


තන තම්දෙනා තන තානෙනා
සළු සෝදනා මම ලෙංචිනා
ඔච්චම් කරන්නට නම් එපා මට
සළු වඩනා මැණිකේ කියා
තන තම්දෙනා තන තනෙනා
සළු සෝදනා මම ලෙංචිනා

ගං ගොඩේ සිල් රෙදි පුරා
මගේ අත් වලින් සුද ගෑවුනා
පිං පිරී පුං සඳ මගේ
පායයි කියා උන්නා බලා
කෝ ඉතිං...
ලී කොලොම්බුව දොර පිලේ
මිටි වී ගියා

තන තම්දෙනා තන තානෙනා
සළු සෝදනා මම ලෙංචිනා
ඔච්චම් කරන්නට නම් එපා මට
සළු වඩනා මැණිකේ කියා
තන තම්දෙනා තන තනෙනා
සළු සෝදනා මම ලෙංචිනා

මංගලම් ජය මංගලම්
සුද අතුරලා ගම සැරසුවා
පුන් කලස් වල පොල් මලින්
පෙම් ගී සිලෝ පද වැහුනා
මලවියා පිට මඟ ගියා
මගේ පයට පාවඩ නෑ කියා

තන තම්දෙනා තන තානෙනා
සළු සෝදනා මම ලෙංචිනා
ඔච්චම් කරන්නට නම් එපා
මට සළු වඩනා මැණිකේ කියා
තන තම්දෙනා තන තනෙනා
සළු සෝදනා මම ලෙංචිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thana Thamdena (Mama Lenchina) Song Lyrics - තන තම්දෙනා (මම ලෙංචිනා) ගීතයේ පද පෙළ Thana Thamdena (Mama Lenchina) Song Lyrics - තන තම්දෙනා (මම ලෙංචිනා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment