Rosa Ru Lande Song Lyrics - රෝස රූ ළඳේ ගීතයේ පද පෙළ

Rosa Ru Lande Song Lyrics - රෝස රූ ළඳේ ගීතයේ පද පෙළ
Song Title : Rosa Ru Lande (රෝස රූ ළඳේ)
ARTIST : Dinusha Dissanayake / Upeka Nirmani
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Naveen Dilshan
MIX AND MASTERING : Gayan C Bentharage
Teledrama :  Piyawadani Theme Song - දෙරණ TV


රෝස රූ ළඳේ

තුරු යායේ මුනු මුනු ගෑවේ
සඳ යාමේ පා නඟලා
මගෙ දෑතේ වෙලි වෙලි ආවේ
පැතු හීනේ රූ එලලා

කඳුලේ සුසුමේ මට දෙන්න ආදරේ
ළඳුනේ සිතුසේ සැතපෙන්න මා හදේ
මට දැනෙනා සඳ ඔබ මාගේ
හිත හැදෙනා කවි පොත වාගේ
මා නිවනා මා පතනා
රෝස රූ ළඳේ

රෑ පුරා මවනා සරා කතා
පෑ නුරා දැනුනා රැයේ පවා

මේ ප්‍රිය වදනේ 
මා සිත බැඳුනේ
ඈ නෙතු සඟලේ
පෙම රෑ දිවා මැවේ

ආකහේ මැවෙනා සඳේ රටා
මා හදේ අතුරා මුවේ සිනා

මා මන අරණේ
ඈ රුව සැනසේ
මේ මතු සසරේ
හිත ඈ නිසා නිවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment