Preme Maya Horawe Song Lyrics - ප්‍රේමේ මායා හෝරාවේ ගීතයේ පද පෙළ

Preme Maya Horawe Song Lyrics - ප්‍රේමේ මායා හෝරාවේ ගීතයේ පද පෙළPreme Maya Horawe Song Lyrics - ප්‍රේමේ මායා හෝරාවේ ගීතයේ පද පෙළ
Song Title : Preme Maya Horawe (ප්‍රේමේ මායා හෝරාවේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
තනුව, සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන


ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යා වුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

මා කාගේ කවුරුන් ද ඈ නෑ විමසුවේ
ඈ කාගේ කවුරුන් වුවත් කම් නැතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

මේ වාගේ ළංවූ කෙනෙක් නම් මේ ලොවේ
නෑ මාගේ මතකේ රැඳීලා ජීවිතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යා වුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Preme Maya Horawe Song Lyrics - ප්‍රේමේ මායා හෝරාවේ ගීතයේ පද පෙළ Preme Maya Horawe Song Lyrics - ප්‍රේමේ මායා හෝරාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment