Niruwatha Song Lyrics - නිරුවත ගීතයේ පද පෙළ

Niruwatha Song Lyrics - නිරුවත ගීතයේ පද පෙළ
Song Title : Niruwatha (නිරුවත)
ගායනය : ARJUMANN (අර්ජුමාන්)
සංගීතය : ARJUMANN (අර්ජුමාන්) 
ගී පද : ARJUMANN (අර්ජුමාන්)


මා හා කතා කරනවානං
උඹ ඇඳුම් ගලවන් වරෙන් මුලින්
උඹ මහ සෝබන ඇඳුම් ඇඳගෙන නම්
මට ලැජ්ජයි මමත් ඇඳින්නං ඇඳුම්

මං ආස නුඹේ නිරුවතටනේ
ඇඳුම් ගලවලා හිනැහෙමු ඔහේ
ඔය ඇඳුමට උඹ හරිම කැතයි

උඹෙ හම කළුද සුදුද කියා
මම ඇහුවෙත් නැහැ ඕනෙත් නැහැ
ඒ පාටක් නැති නිරුවත හොයා
අපි ඔක්කොම ඉතින් ඇඳුම් ගලවමු

අපි මහගත්ත ඒ ඇඳුමටම දැන්
අපෙ ලස්සන ඔහේ මැකිලම ගිහින්
ඔය ඇඳුමට උඹ හරිම කැතයි

උඹ මට ආදරෙයි කියනවානම්
මගෙ ඇඳුම් ගලවල බලන් මුලින්
අපි දෙන්නම නිරුවත් වුණොත්
ඒ ශෘංගාර රෑ ආදරේ කරන්

ඒ ආදරේ මහා ගැඹුරුයි එහේ
කිසි ඇඳුමක් නැති නිරුවත් ලොවේ
ඒ ඇඳුමට අපි හරිම කැතයි
මේ ඇඳුමට අපි හරිම කැතයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Niruwatha Song Lyrics - නිරුවත ගීතයේ පද පෙළ Niruwatha Song Lyrics - නිරුවත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2023 Rating: 5

0 comments:

Post a Comment