Kavikariye Song Lyrics - කවිකාරියේ ගීතයේ පද පෙළ

Kavikariye Song Lyrics - කවිකාරියේ ගීතයේ පද පෙළ
Song Title : Kavikariye (කවිකාරියේ)
ගායනය : භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්
තනුව, සංගීතය : කෙන් ලැපන්
ගී පද : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ


උණුහුම විඳ විඳ සියොළඟ දැනුණේ මායා
සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් ඡායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ //

කවිකාරියේ (කවිකාරියේ)
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා (මායම් කතා)
මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

කවිකාරියේ (කවිකාරියේ)
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා (මායම් කතා)
මුළු රෑම වෑහී (මුළු රෑම වෑහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kavikariye Song Lyrics - කවිකාරියේ ගීතයේ පද පෙළ Kavikariye Song Lyrics - කවිකාරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment