අපි හැමදාමත් එක එක රසට , එක එක විදියට උයලා කන්න ආසයි .ඒත් ඒ මොන විදියට ඉව්වත් අපි උයන්නේ එකම විදියෙ කෑම, ඒවගෙ රසයත් , පෙනුමත් ඒකාකාරියි. අපි මේ උයන කෑම ටිකක් වෙනස් විදියට මික්ස් කරන්න පුලුවන් නම් හොඳයි නේද 😍 ඒත් ඉතිං අපේ දිව හුරු වෙලා තියන්නෙ හෙල රසයට. අපේකම ත් අපේ රසයත් රැකෙන කලමනා ටිකක් එකතු කරලා ඔන්න මං ඔයාලට රස කෑමක් ගෙනාවා.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- * තම්බාගත් මඤ්ඤොක්කා 300g ක්
- * කීරමින් 50g ක් (ඔයාලට මේකට හාල්මැස්සන් ගන්නත් පුළුවන්)
- * කතුරුමුරුංගා කොල ටිකක්
- * කපාගත් තක්කාලි 100g ක්
- * සිහින්ව කපාගත් තරමක බී ලූනු ගෙඩියක්
- * සිහින්ව ලියූ සුදුලුනු බික් 2ක්
- * අමුමිරිස් කරල් 5 ක්
- * අබ ඇට ස්වල්පයක්
- * සූදුරු ස්වල්පයක්
- * තෙල්
- * කෑලි මිරිස් තේ හැඳි 2 ක්
- * අවශ්‍ය පමණ ලුනු
- * රම්පෙ, කරපිංචා ටිකක්
✅ සාදා ගන්නා ආකාරය :
- 🍁 කීරමින් ටික හොඳින් බැද ගන්න.
- 🍁 කතුරුමුරුංගා කොල ටිකද පැහැය වෙනස් නොවන සේ තෙලෙහි බැද පසෙකින් තබන්න.
- 🍁 දැන් භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමන්න.
- 🍁 තෙල් රත් වන විට අබ ඇට සහ සූදුරු එකතු කර පුපුරුවා ගන්න.
- 🍁 පසුව රම්පා ,කරපිංචා සහ සුදුලුනු එකතු කරන්න.
- 🍁 සිහින්ව කපාගත් බී ලූනු සහ අමුමිරිස් ටිකද එකතු ටිකක් බැදෙන්න තියන්න.
- 🍁 මීලඟට කෑලි මිරිස් එකතු කරන්න.
- 🍁 දැන් කපාගත් තක්කාලි ටික එකතු කර කලවම් කරන්න.
- 🍁 ඉන්පසු තම්බාගත් මඤ්ඤොක්කා එකතු කර මදක් කලවම් කරන්න.
- 🍁 දැන් බැදගත් කීරමින් සහ කතුරුමුරුංගා කොල එක් කරන්න.
- 🍁 අවශ්‍ය පමණ ලුනුද එක්කර හොඳින් මිශ්‍ර කර රස විඳින්න.
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment