APRAKASHITHA Song Lyrics - අප්‍රකාශිත ගීතයේ පද පෙළ

APRAKASHITHA Song Lyrics - අප්‍රකාශිත ගීතයේ පද පෙළ
Song Title : APRAKASHITHA (අප්‍රකාශිත)
Singing : Dhanith Sri
Album : RAP LANTHAYA
Executive Producer | Concept : Dhanith Sri
Lyrics | Melody : Dhanith Sri
Music Arrangement, Composition & Production : Dhanith Sri | Mahesh Kankanige
Accoustic & Electric Guitar : Kavin Harshana
Audio Post Production : Mixed & Mastered by Mahesh Kankanige
Cover Art : Dhanith Sri
Lyric Video : Chameera J. Hettiarachchi


නුඹ මගේ නොවෙයි
මා නුඹෙ නොවෙයි
අපි අපේ නොවෙයි
ඉතින් මක් වේදෝ

නුඹ නැති ලොවේ
තනිකම දැනෙයි
නුඹ ලග මා
ගොලු වී යයි

හීන ළග තියා
මා හැර ගියා යන්න
ඈ දමා අද
ඇගෙ හිත තලා
ඈතක පියාඹන්න
කම් නැතේ
අප්‍රකාශිතයි ආදරේ

හිත ගිය තැන
හැදුවෙමි මාළිගාව
හිත නැවතුනා
පුදුමයි ඔයා ගාව

පිළිවෙළක් නැති
මගේ ලෝකේ හැදුවාට
ලග නැතුවට
ආදරෙයි හැමදාම

ඔයා දුන්නු හැමදේම
ඇද ගාව
තියනවා ඉදහිට
බලනවා තාම

දිළිසෙන තරු ඇති
කළුවර රෑක
තනි තරුවකි තවමත්
හඳ ගාව

මට කියලා දෙන්න
ආදරේ කරන හැටි
කවදාවත් මදි
අඩුපාඩුවක් නැති
මම හ‍රි ඇති
නැත්නම් වැරදි ඇති
ඒත් හිත කියන දේට
මම ඇහුම්කම් දෙමි
මගේ ලෝකේ ඔයා වුනා
මට මාව නැති වුනා
කාලෙත් එක්ක තේරුම් ගත්තා
ඔයත් දුකක් කියා
ලෝකෙට පේන්න ඔයා
මං ඔයාගේ කියා
මට මාවවත් අයිති නෑනේ
තව මොන කතා
කාලෙත් එක්ක එලියට ඒවී සතා
බොරුවට පෙන්න වෙන්න වෙයි හිනා
චූටි තේරුම් ගනියි
කලෙත් එක්ක ඔයා
දෙන්නෙක් එක්කෙනෙක් කරන්න බෑ
බං ඔය බොරු කතා
ඔයා මගේ තමයි
හිත කියනව තාමත්
ඔයා හොදින් ඇති
හිත දුවනවා තාමත්
නමුත් යටි හිතින්
දකිනවා ඇත්ත තාමත්
දැක දැක කොහොමද
මම ඉන්නේ තව තවත්
අපි ගිය තැන්වල
මට මතක මැවී
පෙනනවා අදටත්
අපි හිටපු හැටි
මතකය ඇවිලෙන
මනසින් මිදී
පියමනිනවා මම
මාවතක තනි
මම කොහොමද රිද්දන්නේ
ඔය පුංචි හිත
කඳුලින් තෙත් කලත් ඔය
ඇස් දෙක
අනාගතේ පේන
මහා ප්‍රශ්න කන්දම දැක
මම යමි නිදහස
හොයාගෙන නොඑන්නම
නුඹ මගේ වෙන්න ඕනේ කියා
නීතියක් තියේද?
ඉපදුන දවසේ ඉදන්
අපි දැක්කේ ඕක
බැඳීම් ඇතිකරගැනීමම
දුකක් නේද?
නුඹ නොදැනිම කියාදුන්නා
ජීවිතය මට

හීන ළග තියා
මා හැර ගියා යන්න
ඈ දමා අද
ඇගෙ හිත තලා
ඈතක පියාඹන්න
කම් නැතේ
අප්‍රකාශිතයි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
APRAKASHITHA Song Lyrics - අප්‍රකාශිත ගීතයේ පද පෙළ APRAKASHITHA Song Lyrics - අප්‍රකාශිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2023 Rating: 5

0 comments:

Post a Comment