Ae Nihandawa Nethu Piya Song Lyrics - ඈ නිහඬව නෙතු පියා ගීතයේ පද පෙළ

Ae Nihandawa Nethu Piya Song Lyrics - ඈ නිහඬව නෙතු පියා ගීතයේ පද පෙළ
Song Title : Ae Nihandawa Nethu Piya (ඈ නිහඬව නෙතු පියා)
ගායනය : අබේවර්ධන බාලසූරිය
තනුව / සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : අජන්තා රණසිංහ


ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ //

වසඟ වී ආමෝධයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා මිහිරියේ
ඉන්න මා සඟවා
ඔබේ ළය මඩලේ

ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ

කනාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතු වේ සිත මා

ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment