Song Title : Ae Nihandawa Nethu Piya (ඈ නිහඬව නෙතු පියා)
ගායනය : අබේවර්ධන බාලසූරිය
තනුව / සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : අජන්තා රණසිංහ
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ //
වසඟ වී ආමෝධයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා මිහිරියේ
ඉන්න මා සඟවා
ඔබේ ළය මඩලේ
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ
කනාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතු වේ සිත මා
ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවණේ //
0 comments:
Post a Comment