Song Title : Sihi Wenawa Oba (සිහි වෙනවා ඔබ)
Singing : Ruwan Srilal
සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා
ඔබේ තනියට මම සිටියේ එදා
දුක සැප දෙක සම සමව බෙදා
ඔබේ තනියට මම සිටියේ එදා
දුක සැප දෙක සම සමව බෙදා
මගේ සිත සනසා මගේ ගත නළවා
ඔබ මට ආදරේ කළේ එදා
සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා
ගෙවූ අතීතේ රස මුසු තැන්
හද කිති ගන්වයි සිහින ලොවින්
ගෙවූ අතීතේ රස මුසු තැන්
හද කිති ගන්වයි සිහින ලොවින්
එපමණකින් මා අද සැනසෙන්නම්
මිහිරාවියේ මගේ ආදරියේ
සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා
සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා
සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා
0 comments:
Post a Comment