කසිප්පු මුදලාලිගේ අවතාරය (Kasippu Mudalalige Awatharaya)

කසිප්පු මුදලාලිගේ අවතාරය (Kasippu Mudalalige Awatharaya) - Your Choice Way

කාලාන්තරයක් තිස්සේ ගමටම සෑහෙන තරම් කසිප්පු පෙරා විකුණා දිවිගෙවූ තිලකේ නම් හෙතෙම මියගියේද
අධිකව කසිප්පු බීම නිසා අක්මාව නරක් වීමෙනි.

මියයාමෙන් පසු ඔහුගේ සිරුර මිහිදන්කලේ පාලු පාරක් අසල තුන්මන් හන්දියක් නුදුරින්ය.

ඒතරම් ජනගහනයක් නොවූ පාලු මාවතක්වූ බැවින් ඉන්පසු සවස හයෙන්පසු කිසිවකුත් ඒ මාර්ගයේ ගමන් නොකලේ හොල්මන් අවතාර කෙරෙහි තිබූ බිය නිසාමය.

තිලකේ ජීවත්ව සිටියදී ඔහු සමග කසිප්පු පානයකල කරුනේ දිනක් මැදියම් රැයෙහි තිලකේගේ සොහොන පසුකරමින් සිටියේ හොදටම බීමත්වය.

සොහොන අසලට ලන්වන කරුනේට ඇසුනේ සුපුරුදු කටහඩකි.

වෙරිමතින්ම නතරවී වටපිට බලනා කරුනේට දැකගතහැකිවුවේ සොහොනමත වාඩිවී සිටිනා තිලකේය.

තිලකේව හදුනාගත් කරුනේ වෙරිමතින්ම ඔහු අසලට ලන්ව

"මොකෝ බන් තිලකෙ මේ මහරෑ මෙතන කරන්නෙ"

කියා ඇසුවේ ඔහු මියගොස් බවද අමතකවය.

"දියන්කො බන් මටත් බීඩියක්"

කියා කරුනෙගෙන් බීඩියක් ඉල්ලාගෙන උරන්නටවූ තිලකේ

"ඉදා බීපන්"

කියමින් කරුනේට කසිප්පු බෝතලයක්ම දුන් අතර විගහින් ඔහු ඒය හිස්කර දමා හොද පදමට මත්වී දොඩවමින් බීඩියක්ද උරන්නට පටන් ගත්තේ දෙදෙනාම සොහොනමත වාඩිවීගෙනය.

තිලකේද වෙරිමතින් සිටි අතර කරුනේද හොදටම වෙරිවී සිටි බැවින් තමන් ඉදිරිපිට සිටින්නේ මියගිය තිලකෙගේ අවතාරය බවද ඔහුට අමතකව තිබුනි.

"කෝ බන් තව නැද්ද බඩු"

කියා තවත් බෝතලයක් ඉල්ලාගත් කරුනේ ඒයද උගුරට දෙකට ඇද දමා බීඩි උරනා අතරෙහි තිලකේ

"කෝ මටත් දිපන් බීඩියක්"

කරුනෙගෙන් තවත් බීඩියක් ඉල්ලාගෙන දල්වා ගත්තේ තිලකේද තවත් බෝතලයක් හිස් කිරීමෙන් පසුය.

වෙරි මරගාතේ දෙන්නාම මරහඩ නගමින් සින්දු කියන්නට පටන්ගත් අතර වෙලාව රෑ 12ද පසුවී තිබුනි.

බොන්න ඇත්නම් ගෙවල්ද අමතකවන කරුනේ නිවසට යන වගක්ද නොමැතිව තිලකෙගෙන් ලැබෙන පිං අඩිය ගසන්නටවුයේ පරන පිනක් පලදී ඇතැයි සිතමින්ය.

මද වේලාවක් ගතව යද්දී කේන්තියෙන් කරුනේදෙස බැලූ තිලකේ

"තෝ හිතුවද මට අමතක උනා කියල..
මෙහාට දීපන් තෝ පහුගිය කාලෙ ණයට බිපුවයේ සල්ලි"

ඒ වචනයත් සමග කරුනෙටද යකා වැහුනු අතර

"දෙන්නම් බන් මොකෝ අපි ගමදාල යනවයැ"

කරුනෙගෙ සුපුරුදු පිලිතුරට යකා වැහුනු තිලකේ කරුනේට පහරක් ගැසු අතර ඔහු විසිවී ගොස් පර අයිනේ තිබූ කානුවට ඇද වැටී හොද තිත්ත කුනු හර්පයෙන් බනිමින් නැගිටගොස් වෙරිමරගාතේ තිලකේ සමග පොර බදන්නට පටන් ගත් අතර වෙරි හිදෙනාතෙක් පොර බැදීය.

අලුයම 4ට ආසන්න වෙද්දී තිලකේ නොපෙනී ගිය අතර මුලු සිරුරම ලෙයින් නැහැවුන කරුනේ සිහිසුන්ව සොහොනමත ඇද වැටුනේය.

පසුදා ගම්මුන් දැක ඔහුව ඔසවාගෙන ගොස් වතුර ඉස සිහියගත් පසු සියල්ල පැවසුවද ඔහුගේ තත්වය සතුටු දායක නොවිය.

තුවාල සිරුරපුරා තිබු අතර අධික ලේ ගැලීම හේතුවෙන් ඔහු මියගිය අතර ඔහුගේ සිරුරද තිලකේගේ සොහොන අසලම මිහිදන්විය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කසිප්පු මුදලාලිගේ අවතාරය (Kasippu Mudalalige Awatharaya) කසිප්පු මුදලාලිගේ අවතාරය (Kasippu Mudalalige Awatharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2023 Rating: 5

0 comments:

Post a Comment