සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මම අද හැදුවා ලස්සන රසම රස චොක්ලට් කේක් එකක්. මැදටත් චොක්ලට් අයිසින් දැම්මා . උඩත් චොක්ලට් අයිසින් වලින් ලස්සනට අයිසින් කලා . ලස්සනද බලන්න කෝ.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- බටර් හෝ මාජරින් 200g
- පාන් පිටි 180g
- කොකෝ පවුඩර් 20g
- සීනි 200g
- බිත්තර 3
- බේකිං පවුඩර් තේ හැදි 1 1/2
- වැනිලා තේ හැදි 1 1/2
- කිරි මේස හැදි 3
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව කේක් එක බේක් කරන ට්‍රේ එක මාජරින් ගා තෙල් කොලයක් එලා එහිත් මාජරින් ගා ලැස්ති කර ගන්න . මම ගත්තේ 7" හාට් හැඩයේ් ට්‍රේ එකක්.
- දැන් පාන් පිටි වලට කොකෝ පවුඩර් සහ බේකිං පවුඩර් එකතු කර පෙනේරයකින් හලා පැත්තකින් තබන්න .
- භාජනයකට බටර් දමා බීට් කරන්න ( හදන්න පැය 2 කට කලින් ශිත කරනයෙන් බටර් හෝ මාජරින් එලියට ගන්න ).
- පසුව කුඩු කර ගත් සීනි එකතු කර ක්‍රීම් වනතුරු බීට් කරන්න.
- දැන් බිත්තර 1 බැගින් දමමින් බීට් කරන්න .පසුව වැනිලා එකතු කර ටිකක් වෙලා බීට් කර කිරි එකතු කර නැවත ටිකක් වෙලා බීට් කරන්න.
- දැන් අවන් එක උෂ්ණත්වය 170ට විනාඩි 10 pre heat කරන්න.
- කේක් මිශ්‍රණය ට පාන් පිටි ටික ටික එකතු කරමින් spatula එකකින් හෝ හැන්දකින් මිශ්‍ර කරන්න.
- දැන් මෙම කේක් මිශ්‍රණය ලෑස්ති කරගත් කේක් ට්‍රේ එකට දමා සමතලා කරන්න . පසුව මේසය උඩ දෙපාරක් පමණ tap කරන්න.
- අවසානෙට විනාඩි 40 ට අවන් එක සෙට් කර බේක් කර ගන්න .මේ මගේ අවන් එකේ.මෙය වෙනස් විය හැකිය.
ධම්මිකා පනංගල
0 comments:
Post a Comment