✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🥥 ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1/2 ක්
- 🥥 පාන්පිටි කෝප්ප 1 ක්
- 🥥 බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක්
- 🥥 කුඩුකර ගත් සීනි කෝප්ප 1/2 ක්
- 🥥 පොල්තෙල් කෝප්ප 1/2 ක්
- 🥥 වැනිලා තේ හැඳි 1 ක්
- 🥥 ලුණුකුඩු තේ හැඳි 1/4 ක්
- 🥥 කිරි ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
- 🍂 මුලින්ම තෙල් , ලුණු සහ කුඩුකරගත් සීනි හොඳින් දිය කර ගන්න.(විස්ක් කරන්න)
- 🍂 දැන් එයට ඩෙසිකේටඩ් කොකනට් එකතු කරන්න.
- 🍂 පාන්පිටි සහ බේකින් පවුඩර් එකට හලා එකතු කරන්න.
- 🍂 වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරමින් කුකී මෝලිය අනා ගන්න.
- 🍂 තෙත ගතිය මදි නම් කිරි තේ හැඳි 2,3 ක් එකතු කරමින් අතේ නොඇලෙන ප්‍රමාණයට අනා ගන්න.
- 🍂 ඩෝ එක සමාන කුඩා කොටස් වලට වෙන්කර කුකී හැඩයට සකස් කර ඩෙසිකේටඩ් කොකනට් තවරා තෙල් ආලේප කර ගත් තැටියක අතුරා ගන්න.
- 🍂 170 °C න් විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක විනාඩි 15 ක් 20 ක් පමණ බේක් කර ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ .. - හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment