Song Title : Budubana (බුදු බණ)
Written & Performed by King Lotuss ft. Harry Harsh
Music Produced, Mixed & Mastered by DILU Beats
චණ්ඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදලා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා
සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාව
ලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාව
කිමද මා මෙහිම ඉපිද ඉපිද මියයමින් නැවත ඉපදෙමින් දිවි ගෙවන කාරණාව
සසර කෙටි වීමට ධනය අදි සිවුරුයි
වසර නොව කල්ප ගගනින් බැද පවුරුයි
පොත් වල තියෙන බුදුදහම කෝ අද හිත්වල තිබුණෙ රත්වුනු දේ අදුරූ
මට කියන්න අපහට වැරදුනෙ මොනවද
දැනුනිද මෙහි මිනිස්සු තැවෙන පිළිබඳ
දුකට පත් වු මිසෙක සතුටින් සිටින විටෙක අද උන්ට බුදුබන සිහිවෙනවද
දාහක් ලෙස පවසන හිමියන් ඇත මෙහි
පන්සලට වෛශ්‍යාවන් ඇයිද එන්නෙ මැදියමෙ
සාසනේද ධර්මයාද ලෝකයාම අපි නැහෙයි
ශ්‍රී සමන් දෙවියන් සූදානම්ද හිමියනේ
ආදරේ බහුලයි සමාජෙ මෛත්‍රී කරුණා විරලයි
තවත් පිරිසකට බුදු බණ නම් පරණයි
සමිදුනෙ මට ඇති මෙ ඉපදීමයි මරණයි
අද මං වැරදි ඇති ඒත් කියමි බුදු සරණයි
ඇයිද බුදු සමිදුනි අප සැම මෙහි ඉපදිලා
දුකක පැටලිලා
සතුටෙන් ඇත මෙමා
යනුවෙන් වැටහිලා
එන දිනක් නැතිද සසරෙන් නැවතිලා
චණඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදනා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා
0 comments:
Post a Comment