✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍷 තැඹිලි වතුර බෝතල් 1 1/2 ක්
- 🍷 සීනි ග්‍රෑම් 500 ක්
- 🍷 යීස්ට් තේ හැඳි 1 ක්
- 🍷 දෙහි ගෙඩියක යුෂ
- 🍷 කරාබුනැටි 5 ක් පමණ
- 🍷 කරඳමුංගු 6ක් පමණ
- 🍷 කුරුඳු පොතු කැබැල්ලක්
✅ සාදා ගන්නා ආකාරය :
- 🔥 මුලින්ම මද උණුසුම් වතුර කෝප්ප 1/2 ක යීස්ට් සහ සීනි මේස හැන්දක් දමා දියකර පිපෙන්න තබන්න.
- 🔥 දැන් වියලි මැටි හෝ වීදුරු පිරිසිදු බඳුනක් ගෙන , එයට තලාගත් කරඳමුංගු , කරාබුනැටි , කුරුඳු පොතු , සීනි සහ තැඹිලි වතුර එකතු කරන්න. එයට පිපෙන්න තැබූ යීස්ට් මිශ්‍රණය ද එකතු කර සීනි දියවන තුරු හොඳින් මිශ්‍ර කරන්න.
- 🔥 පිරිසිදු රෙදි කඩකින් කට ගැට ගසා ඉර එලිය නොවැටෙන ස්තානයක නොසෙල්වා දින 10 ක් තබන්න.
- 🔥 මුල් දින 10 තුල ද්‍රාවණය පැසීමට ලක් වන නිසා කට තදින් වසන්න එපා.
- 🔥 දින 10 කට පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් පෙරා ගන්න.
- 🔥 දින 2,3 කට පසු නැවත පෙරා ගන්න. පැහැදිලි ද්‍රාවණයක් ලැබෙන තුරු මෙසේ 4, 5 වතාවක් වරින් වර පෙරා ගන්න. පුනීලයකට පුලුං හිරකර පෙරා ගැනීමෙන් පැහැදිලි ද්‍රාවණයක් ලබා ගන්න පුළුවන්.
- 🔥 අවසානයට සීනි ග්‍රෑම් 50 ක් පමණ කැරමල් කර නිවුනු පසු බෝතල් වලට දමා පුලුං ගැසූ පුනීලයකින් මංඩි නොවැටෙන ලෙස පෙරා ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment