✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🔸 බත් කෝප්ප 2 ක්
- 🔸 පාන්පිටි හෝ හාල්පිටි කෝප්ප 1 ක්
- 🔸 බිත්තර 1ක්
- 🔸 අවශ්‍ය පමණ පොල්කිරි
- 🔸 සිහින්ව ලියාගත් කැරට් ,ලීක්ස්, බෙල් පෙපර් හෝ මාලුමිරිස් ටිකක් (ඔයාලා කැමති එලවලු වර්ග ,කොල වර්ගයක් සිහින්ව ලියාගෙන එකතු කරන්න)
- 🔸 කෑලි මිරිස් ටිකක්
- 🔸 ගම්මිරිස් කුඩු ටිකක්
- 🔸 අවශ්‍ය පමණ ලුනු
- 🔸 ලියාගත් කරපිංචා ටිකක්
- 🔸 තෙල් හෝ බටර් තේ හැඳි 2ක් පමණ
✅ සාදා ගන්නා ආකාරය :
- 💚 බත් ටික කිරි ටික ටික දමමින් සිනිඳු තලපයක් වනසේ බ්ලෙන්ඩ් කර ගන්න.
- 🧡 එයට බිත්තරය , ලුනු සහ පාන්පිටි එකතු කරන්න.
- 💚 දැන් පොල්කිරි ටික ටික එක් කරමින් ටිකක් උකු මිශ්‍රණයක් සකස් කර ගන්න.
- 🧡 දැන් වෙනත් භාජනයක් ලිප තබා තෙල් හෝ බටර් ටිකක් දමා රත් කරන්න.
- 💚 එයට කරපිංචා , බී ලූනු සහ ලියාගත් අනෙක් එලවලු සහ කෑලි මිරිස් ,ගම්මිරිස් කුඩු , රස අනුව ලුනු කුඩු ද එකතු කර විනාඩියක් දෙකක් පමණ තෙම්පරාදු කර ගන්න.
- 🧡 දැන් තෙම්පරාදු කරගත් එලවලු , පිටි මිශ්‍රණය ට එකතු කරන්න.
- 💚 හොඳින් මිශ්‍ර කර ගන්න.
- 🧡 තැටියක් ලිප තබා තෙල් ටිකක් ආලේප කර මෙම මිශ්‍රණයෙන් පුරවා ගත් හැන්ඳක් දමා රවුමට තුනී කර ගන්න.
- 💚 පරිස්සමෙන් දෙපැත්ත දමා කුක් කර ගන්න.
❤️💚 ඔයාලත් හදලා රස කියන්නකෝ 💚❤️
සැකසුම : ® නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment