Song Title : Sansun Ruwan Hada Mandiraye (සන්සුන් රුවන් හද මන්දිරයේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමග ශ්‍රීමතී රණසිංහ
පද : සිරිල් ඒ. සීලවිමල
සංගීත අධ්‍යක්ෂණය : ප්‍රේමදාස අතුකෝරාළ
1971 දී තිරගතවූ "කේසර සිංහයෝ" චිත්‍රපටියේ ගීයකි.
සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...)
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ //
රන්වන් එ රන්වන් යෞවනියේ
රන්වන් එ රන්වන් යෞවනියේ (ඒ ඒ ඒ ඒ...)
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ //
ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැළුම්බර නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු සුළඟේ සැලේ
සුවඳක් ඇවිත් පොඩි රහසක් කියයි
සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...)
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ //
හැළෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැඟේ
ගීයක් ගයා හොඳ තනුවක් හදා
හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා
රන්වන් එ රන්වන් යෞවනියේ
රන්වන් එ රන්වන් යෞවනියේ (ඒ ඒ ඒ ඒ...)
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ //
සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...)
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
0 comments:
Post a Comment