Song Title : Sanda Sinaseyi (සඳ සිනාසෙයි)
Artist : Rivindu Yaddehige
Lyrics : Sasandara Sepali Dissanayake
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liynarachchi
Guitar arr : Kavin Harshana
Percussions : Gihan Kavinda
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema
රෑ අහස පුරා
තරු රටා අඳී
සිසි කැළුම් එළා
සඳ ගිමන් හරී
නිල් නුවන් පුරා
නෙත් කැළුම් වැදී
පෙම් රටා මවයි
කළු වලාකුළෙ
සුමුදු මල් පෙති අතුළ යහනක
වැතිර හිඳ අතිනත වෙළාගෙන
සිහින් තෙපුලෙන් රහස් කොඳුරන
සුපෙම් ගීයක හඬ අසාගෙන
සඳ සිනාසෙයි
සඳ සිනාසෙයි
පාළු කතරක හුදකලාවක
දෑස් අග කඳුළකින් බොඳ වුණ
විසුණු පෙම් සිහිනය සුසුම්ලන
විරහ ගීයක හඬ අසා ගෙන
සඳ සිනාසෙයි
සඳ සිනාසෙයි
0 comments:
Post a Comment