Song Title : Pinwanthi (පින්වන්ති)
Performed By Breezy X CHU BBY
Produce By CHU BBY Beats (Chubby Records)
Mixed & Mastered By CHU BBY Beats (Chubby Records)
Rap Written By Breezy
Hook Written By CHU BBY
Directed By : Naviya
DOP By Naviya
Concept By Princy Fernando
Editor & Colorist By Naviya
Starring By Breezy X Chubby
ආ බලන්න වැලක් දිහා වලක්වන්න බෑ ඒ මුල් අයිතිකරුවා හැමදාමත් නොවෙනස්වූ මහ පොලොවයි
නමුත් ඇදෙයි කලක් යද්දි මැස්සක් හොයන් ජීවත් වීම පිණිස සොබාදහම මැව්වේ එහෙමයි
මතකයි පුංචි සංදියේ මං ගොඩක් දගයි රකින්න කිව්වේ එක්දෙයයි ඒ මෙලොව බුදු දහමයි
නොපෙන්වූ ආදරේ පිටවෙද්දි සත්තයි අක්කේ මං කන්තක වෙයි ඔයා නික්ම යන විටදි ගිහිගෙයි
ආසයි වදින්න දුකින් කියන්න නෑ ගාථා
ඈ කෙලිලොල් වයසදිම උනි මට මාතා
බාදා කරගෙන ජීවිතේට පාඩම් මේ ජීවන ගමන මල්ලි යන්න ඕනේ නාඩන්
මං සාදාරණයි නේද අම්මේ වැදූ මව ඔයා මං හැදූ මවගේ ලස්සන නමනේ සෙව්වන්දි
බාර දුන්නා රැක ගන්න උජි අයියේ
මං වදින්නං අරං යන්නේ ඔයා පවුලේ පිංවන්ති
දඩබ්බරයි කන්න හොරයි අඩනවලු දෙන්නට එක බත අම්මා අනලා කවද්දි
මං අඩනු දැක මල්ලි අඩවන්න එපා අම්මේ මට දුකයි උගේ කඳුලු දකිද්දි
පෑ සිනහා මතකයි
ඔබ මා ඒ පුංචි සංදියේ
ආදරේමයි
නුඹ යයි අද අප හැර පතිනියක් විලෙසින්
නෑ අමතක නෑ
ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
නික්ම ගියත් අප අතරින්
සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්
මං ආදරෙන් කතා කලා සාදරෙන් පිළිගත්තොතින් ඇය තක්කෙට කිව්වා මූ ගලවන්නයි දත හක්කේ
ඔ මුලින් බැනලා මූන දෙක වෙනවා දැක දුන්නා හංගං හිටපු දේවල් උනත් ඈ බොක්කේ
වෙස්සන්තරත් ලමයි දුන්නා මිසක් ලමයි ඉද්දි නෑ සෙනෙහසක් වෙන එකෙකුට දන් දුන්නේ
මං උබට කිව්වා බොරු අනන්ත හැබැයි උබේ නාමෙන් දිව්රා ඒ වැරැද්ද කාටවත් කරේ නෑ බන් අක්කේ
රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට
දැං හිතෙයි අක්කා නැති මේ ඇද බන් මට මොකට
සමාවෙන්න අම්මා හින්දා පිට රටක
මං ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කේ උබට
ස්තූති දෙවියනි මං නොකලත් භවේ පිනක්
මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්
ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්
මං මේ ලෝවින් දුටු දෙව්ලොව සිටින්නව් දෙවගනක්
පෑ සිනහා මතකයි
ඔබ මා ඒ පුංචි සංදියේ
ආදරේමයි
නුඹ යයි අද අප හැර පතිනියක් විලසින්
නෑ අමතක නෑ
ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
නික්ම ගියත් අප අතරින්
සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්
0 comments:
Post a Comment