✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌷 තිරිඟු පිටි කෝප්ප 2 ක්
- 🌷 ලුණු තේ හැඳි 1 ක්
- 🌷 ඔලිව් තෙල් මේස හැඳි 2 ක් (ඔලිව් තෙල් අත්‍යාවශ්‍ය නැහැ, ඔයාලා ගෙදර කෑමට ගන්න තෙල් වර්ගයක් එකතු කරන්න.)
- 🌷 බිත්තර 1 ක් (මෙයත් අත්‍යාවශ්‍ය නැහැ , තියෙනවා නම් විතරක් එකතු කර ගන්න . මං එකතු කලේ නැහැ.)
✅ සාදා ගන්නා ආකාරය :
- 🌹 භාජනයක් ගෙන පිටි සහ ලුණු එයට දමා හොඳින් මිශ්‍ර කරන්න.
- 🌹පිටි ටික මැදින් ඉඩක් සාදා ඔයාලා පාවිච්චි කරන තෙල් වලින් මේස හැඳි 2 ක් සහ ඔයාලා කැමති නම් පමණක් බිත්තරයක් එකතු කරන්න.
- 🌹 මේ සියල්ල හොඳින් මිශ්‍ර කරන්න . වතුර ටික ටික එකතු කරමින් රොටි පදමට පිටි මෝලිය අනා ගන්න.
- මං වතුර මැනලා ගත්තෙ නැහැ , ඔයාලා වතුර වැඩි කර ගන්නෙ නැතුව තරමක ඝන පිටි මෝලියක් සකස් කර ගන්න . මෝලිය මිනිත්තු 5 , 6 ක් හොඳින් අනා ගන්න . පසුව මිනිත්තු 20 ක් පමණ ඉටි කොලයකින් වසා පසෙකින් තබන්න.
- 🌹 මිනිත්තු 20 කට පසු පිටි මෝලිය කැබලි දෙකකට පමණ කඩා පිටි ඉසගත් මතුපිටක දමා හොඳින් තුනී කරන්න.
- පිටි ඉසිමින් දෙපැත්ත දමමින් හොඳින් තුනී කර පිංතූර වල පෙනෙන පරිදි පටි කපා ගන්න.
- 🌹 දැන් වතුර භාජනයක් ලිප තබා ලුණු ස්වල්පයක් සහ ඔලිව් හෝ ඔයාලා ලඟ තියන තෙල් වර්ගයකින් මේස හැන්දක් පමණ එකතු කර හොඳින් නටවා පටි කපාගත් පාස්තා ටික උතුරණ වතුර ට දමා මිනිත්තු 4 , 5 ක් තම්බා ගන්න.
- 🌹 තම්බා ගත් පාස්තා වතුර පෙරා ඉවත් කර සාමාන්‍ය වතුර භාජනයකට දමා වතුර පෙරා ගන්න.
දැන් සකස් කරලා ඉවරයි 😍 ඔයාලා කැමති ආකාරයකට මේ පාස්තා පිලියෙල කර රස විඳින්න පුළුවන් ❤මං හිතනවා ඔයාලට මේ රෙසිපි එක ඉතාමත් වටිනා අදහසක් වෙයි කියලා .ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment