Song Title : Me Pin Bime (මේ පින් බිමේ)
ගායනය : කපිල බොරලැස්ස සමග විවියන් ද සිල්වා බොරලැස්ස
පද : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව හා සංගීතය : නවරත්න ගමගේ
මේ පින් බිමේ
මහමෙවුනා උයනේ
නිල් අහස රන්වන් වෙලා
මහ සෑ කොත් මුදුනේ
මිණි කිරණ දසත විහිදී
හඳ පායලා වගේ
නෙත සිත සනසා
බුදු සුවඳ ගලා ගිය
මහමෙවුනා උයනේ
අනුරාධපුර නගරේ
ගයා සිරස බෝ මැඩ වැඩ හිඳ විදුරසුනේ
කෙලෙස් මරුන් පරදා
සම්මා සම්බුදු පදවි ලබා
දෙදහස් හයසිය වසරට එළඹෙන
සිරි සම්බුද්ධත්ව ජයන්තියේ
අසිරිය පවසයි
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
මේ පින් බිමේ
මහමෙවුනා උයනේ
නිල් අහස රන්වන් වෙලා
මහ සෑ කොත් මුදුනේ
මිණි කිරණ දසත විහිදී
හඳ පායලා වගේ
නෙත සිත සනසා
බුදු සුවඳ ගලා ගිය
මහමෙවුනා උයනේ
අනුරාධපුර නගරේ
දෙදහස් හයසිය වසරට එළඹෙන
සිරි සම්බුද්ධත්ව ජයන්තියේ
අසිරිය පවසයි
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
0 comments:
Post a Comment