✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌷 ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලොවි ගන්න.
- 🌷 ලොවි ප්‍රමාණය වගේ 1 1/2 ක් සීනි ගන්න. (1: 1 1/2 අනුපාතය ට)
මෙතනදි ලොවි ප්‍රමාණය කියලා ගැනෙන්නෙ ලොවි ඇට ඉවත්කර සාදා ගන්න පල්පයේ ප්‍රමාණය.
❤ මම මෙහිදී ලොවි පල්පය ග්‍රෑම් 200 ක් සහ සීනි ග්‍රෑම් 300 ක් තමයි යොදා ගත්තෙ.
❤ මම මේකට ෆුඩ් කලරින් එකතු කලේ නැහැ , ස්වාභාවික වර්ණය තමයි තියෙන්නේ .
✅ සාදා ගන්නා ආකාරය :
- 🌹 මුලින්ම ලොවි ටික සෝදා ගෙඩි යන්තමින් පැලෙන තුරු තම්බා ගන්න.මෙසේ තම්බා ගත් විට ලොවි වල තිබෙන තද ඇඹුල් ගතිය තරමක් දුරට අඩු කර ගන්න පුළුවන් . ඒවගේම ඇට ඉවත් කර ගන්න පහසුයි.
- 🌹 තම්බාගත් ලොවි ටික වතුර පෙරා නිවෙන්න තබන්න.
- 🌹 දැන් මේ තම්බාගත් ලොවි හොඳින් පොඩි කර හෝ ග්‍රයින්ඩ් කර මෘදු තලපයක් නැත්නම් පල්පයක් සේ සකස් කර ගන්න.
- 🌹 මේ ලොවි පල්පය පෙරනයක දමා පෙරා ඇට ඉවත් කර ගන්න.පෙරීමට වතුර පාවිච්චි කරන්න එපා, හැන්දකින් එහා මෙහා කරමින් පෙරා ඇට ඉවත් කර ගන්න.
- 🌹 දැන් මේ ලොවි පල්පය , මැනගත් සීනි සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර භාජනයක දමා හොඳින් හැඳි ගාමින් මද ගින්දරේ උණුකරන්න.ජලය යෙදීම අවශ්‍ය නැහැ.
- ❤️ මිශ්‍රණය ඝන වීගෙන එනවිට වතුර පීරිසියක් ගෙන එයට ජෑම් මිශ්‍රණයෙන් බිංදුවක් දමා බලන්න .ජෑම් වතුරේ විසිරී නොයා ගුලියක් ලෙස තිබේ නම් ජෑම් වල පදම හරි
- 🌹 පදමට උණුවූ පසු ලිපෙන් ඉවතට ගන්න . ඔයාලට කැමති නම් ස්ට්‍රෝබෙරි එසන්ස් ටිකක් එකතු කර ගන්න පුළුවන් . රසය වගේම ඉතාම ප්‍රණීත සුවඳක් එමගින් ලැබෙනවා.
- 🌹 ජෑම් මිශ්‍රණයේ උණුසුම තිබියදීම ජීවාණුහරණය කල බෝතල් වල දමා පියන වසන්න.
ලොවි වලින් විතරක් නෙමෙයි ඔයාලට කැමති පලතුරකින් මේ විදියට ජෑම් හදා ගන්න පුළුවන් . සාමාන්‍යයෙන් ඇඹුල් අඩු පලතුරු අඹ, අන්නාසි , ගස්ලබු වැනි පලතුරු පල්ප සඳහා 1:1 අනුපාතය ට සීනි සහ පලතුරු පල්ප යොදා ගෙන හදා ගන්න . පලතුරු වර්ග කිහිපයක් එකතු කර උනත් ඔයාලට මේ ආකාරයට ජෑම් හදා ගන්න පුළුවන් .වතුර ගතිය අඩු තරමට අඩු වෙලාවකින් ජෑම් එක පදමට ගන්න පුළුවන් . විනාඩි 10 ක් 15 ක් වගේ ඉතාම අඩු කාලයක් තමයි මට ගත වුනේ.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 සැකසුම : © නදීෂා ගමගේ ..
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment