Song Title : Kotiyak Ammawarunge (කෝටියක් අම්මාවරුන්ගේ)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද : ආරියසේන වඩුගේ
තනුව : චන්ද්‍රදාස බෝගොඩ
කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා //
කෝටියක් සැමියන් නිසා
කෝටියක් බිරියන් හෙළූ
කඳුළු බිඳුවෙන් උපන් තෙද බල
සත්පතිනි අම්මා
සත්පතිනි අම්මා
කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා
රුවන් සලමින් ආවඩා
පවන් සිහිලැල් සළු සලා
නිවන් අම්මාවරුන්ගේ ගිණි
මල් පතිනි අම්මා
මල් පතිනි අම්මා
කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා
0 comments:
Post a Comment