Song Title : Ira Hada Pala Natha (ඉර හඳ පල නැත)
ගායනය : සන්ධ්‍යා විජේසුන්දර සමග ඩෙරික් නිකල්සන් ද සිල්වා
පද : ප්‍රියනන්ද විජේසුන්දර
තනුව හා සංගීතය : ගංගා විමලවර්ධන
ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී //
කුරුළු කෙවිල්ලන් දොඩමලු වෙනවා
ලස්සණ සවන් යොමා
උන් අප පෙම ගැන කතාකරනවා
මොකටද තව ප්‍රමා //
ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී
සරැලි නඟන්නේ සයුර වෙරළ සිප
සැනසෙන්නයි හැපිලා
සඳට අහසමය පොළවෙන් පල නැත
ඒ ලෙසමයි ඔබ මා //
ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී
0 comments:
Post a Comment